27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

සියලුම රාජ්‍ය සේවකයින්ට වසර පහක් නිවාඩු ලබා ගැනීමේ චක්‍රලේඛය ක‍්‍රියාත්මකයි… විදෙස් රැකියා පුහුණුවක්…

තොරතුරු තාක්ෂණ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් සදහා රාජ්‍ය අංශයේ සේවකයන් සුදානම් කිරීම සදහා “Refresher Bootcamp” ප්‍රථම පුහුණු වැඩසටහන ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සහ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ දී (අද) 2022.12.06 දින පැවැත්විණි.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යංශය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීයමය සංවිධාන සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය මෙම වැඩසටහනට පූර්ණ සහාය ලබාදෙයි.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 14/ 2022 හි ප්‍රතිපාදන අනුව, සියලුම රාජ්‍ය අංශයේ සේවකයින්ට රාජ්‍ය අංශයෙන් බැහැරව සේවය කිරීම සඳහා (මෙරට හෝ විදේශීය) වසර පහක් (05ක්) දක්වා වූ නිවාඩු ලබා ගැනීමේ චක්‍රලේඛය ද වර්තමානයේ ක්‍රියාත්මක වේ.

එම චක්‍රලේඛය පරිදි රැකියා අවස්ථා සඳහා තාවකාලික නිවාඩු අපේක්ෂා කරනු ලබන රාජ්‍ය අංශයේ රැකියාවන්හි නියුතු තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් සඳහා මෙම වැඩසටහන හඳුන්වා දී ඇත.

මෙම සමාරම්භක සැසිය හා දැනුවත් කිරීමේ වැඩසටහනට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරුණ ශ්‍රී ධනපාල , තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ආර්ථික නිලධාරී සමීර ජයවර්ධන, CSSL ආයතනයේ සභාපති දමිත් හෙට්ටිහේවා, SLASS COM ආයතනයේ අධ්‍යක්ෂක අර්ජුන් නානයක්කාර, BCS ආයතනය නියෝජනය කරන මහාචාර්ය ලසිත් ගුණවර්ධන යන මහත්වරුන් මෙන්ම රාජ්‍ය ආයතන කිහිපයක රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියේය.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය

Related posts

චීනය ශ‍්‍රී ලංකාව සමග අමනාප වේ…

Maimoonar

ඉන්දීය Alto මෙරට අලෙවියට සූදානම්.. රුපියල් ලක්‍ෂ 71යි.. ඉන්දියාවේ ලක්‍ෂ පහයි..

Maimoonar

රනිල්-අනුර සජීව විවාදයක්…

Maimoonar

13 comments

Comments are closed.