27.8 C
Colombo
February 26, 2026
BusinessBusiness NewsNewsPolitical

ඇතැම් භාණ්ඩ ආනයනය සපුරා තහනම් කළ යුතුයි..- මු.රා. ඇමති..

රටේ පැවති දැඩි විදේශ විනිමය අර්බුධය හමුවේ භාණ්ඩ වර්ග 1465 ක් සඳහා ආපනය සීමා පැනවුවද , මේ වන විට ඉන් භාණ්ඩ 795 ක ආනයන සීමා ඉවත් කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රුවන්වැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිලිතුරු ලබාදෙමිනි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ , තවදුරටත් ආනයන සීමා පනවා ඇති භාණ්ඩ වර්ග 670 අතුරින් දේශිය වශයෙන් නිපදවිය හැකි භාණ්ඩ රැසක් ඇති බවත් , ඒ අනුව එම භාණ්ඩ වල හැර අනිකුත් භාණ්ඩ වල ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් පවතින බවයි.

කෙසේ වෙතත් කටුව රහිත පොල් මද , වෙසක් කූඩු, සරුංගල් , උණ බට ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු දේශිය වශයෙන් නිපදවිය හැකි භාණ්ඩ තවදුරටත් , බහුලව අසීමාන්තිකව ගෙන්වීමට කටයුතු කරනවාද නොඑසේ නම් මේවා දේශිය වශයෙන් නිපදවා ජාතියක් වශයෙන් නැගී සිටිනවාද යන්න සකසා බලන ලෙස ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

– Media unit

Related posts

ඊයේ ජ’පුර කලා පිඨයේ පෙරටුගාමී ඔළු පලලා 2024 තඹුත්තේගම විප්ලවය අරඹුවා…

Maimoonar

ETI වංචාවට එදිරිසිංහ පවුලේ තිදෙනෙකු අත්අඩංගුවට

Maimoonar

විදේශ රටවල මුදල් හුවමාරු කරන්නන් ශ‍්‍රී ලංකා රුපියල් මිලට ගැනීම නවතයි..

Maimoonar