27.8 C
Colombo
February 26, 2026
BusinessBusiness NewsNews

වේදනාත්මක තීන්දු ගැනීම ඇරඹුවා… ඉදිරියට තවත් එනවා..- මහ බැංකු අධිපති

‘වර්තමාන අර්බුදකාරී වාතාවරණය තුළ තීරණ වලට එළැඹීම සමාජයට වේදනාත්මක වූවත් එහි පළමු පියවර ලෙස විදුලි, ඉන්ධන ගාස්තු ඉහළ දැමීම බදු ඉහළ නැංවීම ආදී තීරණ ගැනීමට හැකිවුණා. එහි දෙවන පියවර ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි ආයතන ප්රතිව්යුහගත කිරිමටද සිදුවෙනවා’ යයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

කොලඹ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

‘අප විසින්ම නිර්මාණය කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මකට අනුව වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපේ ණයහිමියන්ට පෙන්වා දිය යුතුව තිබෙනවා.

එමඟින් ක්‍රියාත්මක වන සාර්ව ආර්ථික ප්‍රතිපත්ති හරහා අප නැවතත් ආර්ථික ස්ථායිතාවය ඇතිකර ගනිමින් පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන ආකාරය පෙන්වා දිය යුතු වෙනවා.

අපි මේ වැඩසටහනට අනුව ආර්ථික ස්ථායිතාවය ඇති කර ගැනීම සඳහා පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් තීරණ කිහිපයකට එළැඹීමට සිදුවෙනවා.

වර්තමාන අර්බුදකාරී වාතාවරණය තුළ එවැනි තීරණ වලට එළැඹීම සමාජයට වේදනාත්මක වූවත් එහි පළමු පියවර ලෙස විදුලි, ඉන්ධන ගාස්තු ඉහළ දැමීම බදු ඉහළ නැංවීම ආදී තීරණ ගැනීමට හැකිවුණා.

එහි දෙවන පියවර ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි ආයතන ප්රතිව්යුහගත කිරිමටද සිදුවෙනවා.

මෙලෙස ඉදිරිපත් කරන වැඩසටහන ඔස්සේ ඇත්තටම පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට අපට හැකියාව පවතින බව විශ්වාස කරනවා.

ඒ අනුව එළඹෙන සිකුරාදා දින මෙම වැඩසටහන අපේ ද්විපාර්ශික ණයහිමියන්ට හා ජාත්‍යන්තරයට ඉදිරිපත් කරනවා.

ඒ අනුව මෙම වැඩසටහනට ද්වීපාර්ශික ණය හිමියන්ගෙන් සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවයන් ලැබෙනු ඇති බව මගේ විශ්වාසයයි.

අදාල එකඟතාවයන් ලැබීමෙන් පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහාය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇති.

හැමෝම අහන්නේ මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න කොච්චර කාලයක් යයිද කියලා. ඒ සියල්ල තීරණය වන්නේ අපේ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ තීරණය මතයි’

Related posts

තලපත්, කෙලවල්ලා කිලෝව 2800යි.. බෝල්ලු, බලයා 1200යි…

Maimoonar

විදුලි ගාස්තුව සමග දැවැන්ත ජල ගාස්තු නැංවීමක්…

Maimoonar

හෝටල් 82කට සංචාරකයන්ට මත්පැන් විකිණීමට අවසර..

Maimoonar

569 comments

Comments are closed.