32 C
Colombo
February 19, 2026
Local NewsNews

ගැස් සහ භුමිතෙල් නැතිව දර සොයා රක්ෂිතයට ගිය තිදරු පියෙක් ජිවිතක්ෂයට….

බගවන්තලාව ප්‍රදේශයේ පවතින ගෘහස්ත ගැස් සහ භුමතෙල් හිගයත් සමග බගවන්තලාව රක්ෂිතයේ දර සොයා ගිය පිරිසකට (01) දින පස්වරුවේ බඹර ප්‍රහාරයක් එල්ල වි ඇති බවත් එම බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු තිදරු පියෙක් රක්ෂිතය තුලම ජිවිතක්ෂයට පත් වි කාන්තාවක් ඇතුව තවත් තිදෙනෙකු තුවල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත.

මෙසේ බඹර ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් ව ඇත්තේ බගවන්තලාව වත්ත පහල කොටසේ පදිංචි සික්කන් සිවනාදන් (52) නැමැති තිදරු පියෙකි.

මියගිය තිදරු පියා (01) දින පස්වරුවේ එම වත්යායේ පදිංචි තවත් පිරිසක් සමග බගවන්තලාව රක්ෂිතයට දර කැඩිමට ගොස් ඇති බවත් එහිදි ගසක බැද තබු බඹර කුඩුවක බඹරුන් ඇවිස්සි රක්ෂිතය තුලට පිවිසි පිරිසට බඹර ප්‍රහාරයක් එල්ල වි ඇති බවත් එහිදි බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු තිදෙනෙකු තුවාල සහිතව වතු යායට පැමිණ තිබු බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.

දර කැඩිමට රක්ෂිතයට ගිය තිදරු පියා අතුරුදහන් වි ඇති බවට බඹර ප්‍රහාරයෙන්  තුවාල ලැබු පිරිස පැවසිමත් සමග එම තිදරු පියා සොයා බගවන්තලාව පොලිසයේ නිලධාරින් සහ වතු කම්කරුවන් එක්ව සිදු කල මෙහෙයුමකදි බඹරු විශාල වශයෙන් තිදරු පියාට දෂ්ඨ කිරිම නිසා ඔහු රක්ෂිතය තුලම මිය ගොස් සිටි බවයි බඹර ප්‍රහාරය සම්බන්දයෙන් පරික්ෂන පවත්වන බගවන්තලාව පොලිසිය කියා සිටයේ.

මිය ගිය පියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේඥඥ අධිකරණ වෛද්‍යයවරයා වෙත යොමු කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

මද‍්‍රසා පාසලක හිංසන වැඩිවී සිසුවෙක් පාසල් වැසිකිලියේ සියදිවි නසා ගනී.

Maimoonar

පොලිස් ඩමියට අල්ලස් දෙමින් විහිළු වීඩියෝවක් තැනූ තරුණයන් අත්අඩංගුවට

Maimoonar

මහින්ද දේශප‍්‍රිය මීලග පොදු අපේක්‍ෂකත්වට යෝජනා කෙරේ..

Maimoonar

3 comments

Comments are closed.