January 29, 2026
NewsPolitical

අගමැති ධුරයෙන් ඉවත් වෙන්න සූදානම්..- රනිල් පාර්ලිමේන්තුවට කියයි..

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මාස හය තුළ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පවසා ඇති නිසා තමන් ඊට සහාය දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ සදහා අනුර දිසානායක මහතාට අවශ්‍ය නම් තමන් අගමැති ධුරයෙන් ඉවත්වීමට සූදානම් බවද හෙතෙම සඳහන් කළේය.

රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට කිසියම් අයකුට මාස හයක් ඇතුළත හැකියාව ඇත්නම් එම පුද්ගලයාට නොබෙල් සම්මානය ලබා දිය හැකි බව ද හෙතෙම පැවසීය.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද දිනයේ පාර්ලිමේන්තුව අමතමිනි.

අද වන විට ලංකාව පවතින්නේ සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස නොව බංකොලොත් රටක් ලෙස බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

එනිසා ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වූයේ එම සීමාවේ සිට බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

රට හොල්ලන තවත් ලයිස්තුවක් එලියට..

Maimoonar

රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයන්ගෙන් ණය වාරික අය කිරීම අත්හිටුවයි…

Maimoonar

යහපාලන ආණ්ඩුව තමන් නොමරා මැරූ හැටි හිටපු ජනපති කියයි

Maimoonar