26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

විදෙස් ගුවන් සේවා ලංකාවට පැමිණීම නවතන්න හෝ අඩු කරන්න තීරණය කරති..

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ ගුවන් සේවාවන් මෙරට ගමන්වාර අඩු කිරීමට හෝ අත්හිටුවීමට අවධානය යොමුකර තිබේ.

ඊට හේතුව වී ඇත්තේ මෙරටට පැමිණෙන ගුවන් යන වලට ආපසු ගමනට ප්‍රමාණවත් ලෙස ඉන්ධන පුරවා ගෙන පැමිණෙන ලෙස ශ්‍රී ලංකාව විසින් දැනුම් දීමයි.

නමුත් අමතර ඉන්ධන පුරවාගෙන ගෙන පැමිණීම හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහනය අඩු කිරීමට සිදුවීමත් අතරමගදී ඉන්ධන පිරවීම සඳහා වෙනත් ගුවන්තොටුපලක් වෙත යාමෙන් අමතර පිරිවැයක් දරන්නට වීමත් මත විදෙස් ගුවන් සේවා මේ ගැන අවධානය යොමු කර ඇත.

මේ හේතුවෙන් ශ‍්‍රී ලංකාවට පැමිණෙන හා පිටව වන ගුවන්යානා වල ප්‍රවේශ වේශ පත්‍ර වල මිලද බොහෝ ඉහළ යා හැකි බව ද වාර්තා වෙයි.

දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානාද ඉන්ධන ලබා ගැනීමේ කටයුත්ත කරනු ලබන්නේ ඉන්දියාවේ ගුවන්තොටුපලවල් හරහා ය.

Related posts

ඇමති විදුරත් 20ට විරුද්ධ වෙයි

Maimoonar

කොරෝනාවෙන් පසු රට ගොඩගන්න උපදෙස් දෙන අය 2002 දී රට කළ හැටි

Maimoonar

ජනාධිපති සහ අගමැති එකවර ඉවත්වුනොත් රටේ ප්‍රශ්න තවත් වැඩි වෙනවා…

Maimoonar

2 comments

Comments are closed.