Local NewsNews

බස්නාහිර පළාතට නව පාසැල් බස් සේවයක්..

බස්නාහිර පළාත ආවරණය වන පරිදි කොළඹ කළුතර ගම්පහ නම් කරන ලද පාසල් වලට ළමයින් ප්‍රවාහනය කිරීම සඳහා නව පාසල් බස් රථ සේවාව ( 15) දින සිට ආරම්භ කළ බවබස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා අලුත්ගම දී පැවසීය.

මෙම සේවාවයටතේ කොළඹ ,ගම්පහ, කළුතර, දිස්ත්‍රික්කවල පිහිටි පාසල්වල ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් බස් රථ 21ක්සේවාව ක්‍රියාත්මක කෙරෙන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා වැඩිදුරටත් මහතා පැවසීය.

කළුතර කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල පිහිටි විද්‍යාල කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන මෙම නවපාසල් බස් රථ සේවා කළුතර දිස්ත්‍රික්කයේ අළුත්ගම කළුතර , කළුතර හොරණ, බදුරලිය මතුගම හරහා හොරණ, ප්‍රදේශ ආවරණය කරමින් බස් රථ සරථ සේවා ක්‍රියාත්මක කරන අතර කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින් කැස්බෑව පිටකොටුව , මොරටුව පිටකොටුව, තොටලග, නාරාහේන්පිට , හෝමාගම දෙල්කඳ හරහා නාරාහේන්පිට , හෝමාගම හයිලෙවල් පාර ඔස්සේ මරදාන , කොට්ටාව මහරගම නගර හරහා සහ ගම්පහ දිස්ත්රික්කයේ පිටිපන, රද්දොලුව,ගාල්ල මිනුවන්ගොඩ කොටුගොඩ කොච්චිකඩේ සිට කොළඹ යන මාර්ගවල මෙම බස් රථ සේවාව ධාවනය කෙරේ .

සාමාන්‍ය බස් රථ ගාස්තු යටතේ ක්‍රියාත්මක මෙම නව පාසල් බස් රථ සේවාව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා අදාළ නිලධාරීන්ට බස්රථ පාසල් බස් රථ සේවාව පිළිබඳ නිරන්තර සොයා බලා කටයුතු කරන්නැයි ද ඒ මහතා මේ බව ප්‍රකාශ කළහ

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න නෙල්ලිගල හිමියන් ජනපති කොමිසම හමුවට

Maimoonar

මන්ත‍්‍රීලාට පර්මිට් දෙන්නෙත් නෑ.. රජයෙන් වාහන දෙන්නෙත් නෑ.. ප‍්‍රවාහන පහසුකම් තමන් සපයාගත යුතුයි..

Maimoonar

අලු සමග නැගිටින රැස්වීම මං කරන්නේ නෑ.. මහින්ද තවත් දේශපාලනය කරන්නේදැයි තීන්දුවක් ගත යුතුයි..- ප‍්‍රසන්න

Maimoonar

476 comments

Comments are closed.