Local NewsNews

ධම්මික පෙරේරාට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. පැරදුනොත් මන්ත‍්‍රීකම අහෝසියි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලෙස පත් කර සිටින ධම්මික පෙරේරා මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

එමගින් කියා සිටින්නේ ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට ගත් තීරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන බවයි.

ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී මන්ත්‍රීවරයෙකු ලෙස පුද්ගලයකු පත් කළ හැක්කේ එම පුද්ගලයා මැතිවරණයේදී දිස්ත්‍රික් සඳහා භාරදුන් නාමයෝජනා වල හෝ ජාතික ලැයිස්තුවේ නම් සඳහන් වුවහොත් පමණක් බවය.

නමුත් ධම්මික පෙරේරා මහතාගේ නම ඉතුරු ඉකුත් මැතිවරණයේදී එම කිසිදු නාම යෝජනා පත‍්‍රයක නොතිබූ බැවින් ඔහුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නොහැකි යයි පැමිණිලිකරුවන් කියා සිටී.

මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසිනි.

Related posts

වතුකරයේ වගුගඩු කුණුකොල්ලෙට විකුණති.. ජාවාරම ජයටම…

Maimoonar

දැන දැනම ත්‍රස්තවාදීන් රැකි ජනපති, අගමැති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වන්නැයි කියයි..

Maimoonar

ජල ගාස්තුවේ සංශෝධනයක්

Maimoonar

88 comments

Comments are closed.