January 23, 2026
Local NewsNews

ඉදිරියේදී ඉන්ධන ගැටළුව තවත් දරුණු වෙනවා.. LC විවෘත කරන්නවත් බෑ… අත්පිට මුදලටත් අමාරුයි…- ඇමති

ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීම බරපතළ ගැටලුවක් වී තිබෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

23 වනදා මෙරටට එන බව පැවසූ තෙල් නැව ඇනවුම් කිරීමේදී ණයවර ලිපියේ ගැටළුව බලපෑ බව ද හෙතෙම පැවසීය.

මෙම තත්ත්වය මත අත්පිට මුදලට පමණක් ඉන්ධන ගෙන්වා ගැනීමට සිදුව තිබෙන බවද හෙතෙම සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි කාල සීමාවේ ඉන්ධන අර්බුදය වඩා බරපතල තත්ත්වයකට මුහුණ දීමට සිදුවණු ඇති බවද ඔහු පැවසීය.

මීළඟ ඉන්ධන නෞකාවක් ලැබෙන දිනයක් පවා නිශ්චිතව කිව නොහැකි බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

කොළඹ බලශක්ති අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

අනාගත ආපදාවලට සූදානම් වීමට දියුණු උපකරණ සහ මානව සම්පත් අත්‍යවශ්‍යයි – විජිත හේරත්

Maimoonar

ජවිපෙ අද සේනාධිපතිගේ ප‍්‍රචාරක අංශය වෙලා.. චම්පිකගෙන් අනුරට විවාදයකට එන්නැයි අභියෝගයක්..

Maimoonar

ලක් රජය ජිනීවාහිදී කොටු කරන යෝජනා වවුනියාවේදී හදයි..

Maimoonar

200 comments

Comments are closed.