News Political

අලුත් දේශපාලන පෙරමුණක් හැදේ.. චම්පිකත් එක්වෙයි.. මාධ්‍ය හමුවක..

21 වෙනි සංශෝධනය ජයග්‍රහණය කරවීම සඳහා විවිධ දේශපාලන මත දරන පරිණත පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් එක්ව කටයුතු කිරීමට සැරසේ. රටට හිතැති, අවංක, දක්ෂ, අත්දැකීම් බහුල පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් එක්ව ගමනක් යාමේ බලාපොරොත්තුවෙන් 21 වෙනි සංශෝධනය අරමුණු කරගෙන  මෙසේ එක්ව කටයුතු කිරීමට සූදානම් වේ.

පැවති මාධ්‍ය හමුවක දී රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ 21 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු රැසක් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙසේ එක මතයක් දරණ පිරිසකින් කිහිපදෙනෙක් මාධ්‍ය දැනුවත් කිරීමට කටයුතු කළ බවය.

  1. පාර්ලිමේන්තුව විසිරවීම.
  2. ජනාධිපතිවරයාට අමාත්‍යංශවල වගකීම් පැවරීම
  3. ව්‍යවස්ථාදායක සභාව
  4. ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය

යන මූලික කරුණු පිළිබඳව  මෙම සාකච්ඡා වලදී අවධානය යොමු කොට තිබේ.

  • ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය පත් කරන විට අගමැතිවරයා විමසා පත් කළ යුතු බව
  • පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලය අවුරුදු 2.5 සිට අවම වශයෙන් අවුරුදු 3 දක්වා ඉහල නැංවිය යුතු බව අවුරුදු තුනක් ගත වෙන්නට පෙරාතුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති විය යුතු බව
  • ඇමති මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 30 ක් විය යුතු බව
  • ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය : මන්ත්‍රීවරුන්ගෙන් 7 දෙනෙකු සහ සිවිල් සමාජයෙන් 3 දෙනෙකු වශයෙන් වන සංයුතිය මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සහ සිවිල් සමාජයෙන් 4 දෙනෙකු වශයෙන් විය යුතු බව
  • 19 වෙනි සංශෝධනය යටතේ ක්‍රියාත්මක වූ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ අඩුපාඩු ඉවත් කළ යුතු බව

යනාදී කරුණු පිළිබඳව මෙම සාකච්ඡාවල දී එකඟතාවයකට පැමිණ තිබෙන බව ද, සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

රටේ ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධයෙන් විවිධ දේශපාලන ධාරා නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතර එකමුතු භාවයක් ඇති කරගැනීමේ අරමුණින් පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිස සමග සාකච්ඡා සිදු කළ බවත්, ඉදිරියේ දීත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත්, මෙහිදී අදහස් දැක්වූ 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

“මෙතන ඉන්න අපි පස්දෙනා පමණක් නෙවෙයි. මීට අමතර අපි තවත් අය අ සමඟත් සාකච්ඡා කළා. වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ,මහින්ද අමරවීර මැතිතුමා. ඒ වගේම ලසන්ත අලගියවන්න මන්ත්‍රීතුමා ඇතුළු තවත් විශාල පිරිසක් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සඳුදා කැබිනට් මණ්ඩලය අනුමත කරයි කියා අපි බලාපොරොත්තු වුණා නමුත් ඒක ඉදිරිපත් වුනු බවක් අපිට පේන්න නෑ. ඒක කල් යාම ඉතාමත්ම නරකයි. මොකද ජාතික වශයෙනුත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන ජනතාවට ඒ ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීම ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ ලොකු වගකීමක්. නැත්නම් නැවතත් රට දේශපාලන වශයෙන් අස්ථාවර වෙන අරගලයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. දෙවෙනි කාරණය ජාත්‍යන්තර  වශයෙන් සාකච්ඡා කරන්න යනවා නං අපි ජාත්‍යන්තර මුල්‍ය  ආයතන සමග ප්‍රජාතාන්ත්‍රික වටපිටාවක් සහිත ආණ්ඩුවක් තිබුනොත් තමයි ඒ සාකච්ඡා වලට ලොකු පිටුබලයක් වෙන්නේ. ස්ථාවර ආණ්ඩුවක් විතරක් නෙමෙයි ප්‍රජාතාන්ත්‍රිකව සියලු දේශපාලන පක්ෂ සර්ව පාක්ෂික වශයෙන් තිබුණොත් තමයි ඒක සාර්ථක වෙන්නේ.

  • ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමට ඇති බලය අඅපි හිතන හැටියට ඒ බලය ඔහුට තිබුණත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 113 දෙනෙකුගේ කැමැත්ත අවශ්‍යය.
  • ජනාධිපතිවරයාට දැරිය හැකි අමාත්‍යංශ පිළිබඳව ඔහු සේනාධිනායකයා, විධායකයේ ප්‍රධානියා, රරාජ්‍ය නායකයා සියලු අමාත්‍යංශ බදාගෙන ඉඳීම නෙවෙයි. ආරක්ෂක අමාත්‍යංශය ඔහු දරුවට ප්‍රශ්නයක් නැති නමුත් ත්‍රිවිධ හමුදාව හා ඊට අනුබද්ධ ආයතන පමණක් ඒ ආරක්ෂක අමාත්‍යංශයට ඇතුලත් විය යුතුය.
  • අමාත්‍යවරු සංඛ්‍යාව 30 ක් වීම, පත් කරන පුද්ගලයින් සහ ඔවුන්ගේ විෂය පථය තීරණය කිරීමේ දී අගමැතිවරයාගේ උපදෙස් මත ක්‍රියා කළ යුතුය.
  • අමාත්‍යාංශවල විෂය පථය පනතක් මගින් නිශ්චිතව සකස් කළ යුතුය.
  • වර්තමාන පාර්ලිමේන්තුවේ පවතින සුවිශේෂී තත්වය සලකා බලා දැනට පත් කර තිබෙන අමාත්‍යංශ 25 එකකට මන්ත්‍රීවරුන් 9 දෙනා බැගින් පත්කොට වගකීම් ලබා දිය යුතුය.
  • රටට ස්වාධීන මැතිවරණ කොමිසමක් අවශ්‍ය වන අතර මැතිවරණයේ ස්වාධීනත්වය සහතික කිරීම අත්‍යාවශ්‍ය ය.
  • අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීම අත්‍යාවශ්‍ය ය.
  • රාජ්‍ය සේවයේ, පොලිසියේ ස්වාධීනත්වය තහවුරු කළ යුතු අතර, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ප්‍රසම්පාදන කොමිසම, විගණන කොමිසම, බලාත්මක කළ යුතුය.
  • ජාතික භෞතික සැලසුම ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් කිරීමට ඉඩ නොදිය යුතුය.
  • කොමිසම්වල කටයුතු සාර්ථක කරගැනීම සඳහා ඊට අනුශාංගික අණ පනත් වෙනස් විය යුතුය.
  • පාර්ලිමේන්තුවේ නිශ්චිත කමිටියක් පත්කොට එම කොමිෂන් වල ප්‍රගති වාර්තාව වාර්තාව අධීක්ෂණය කළ යුතුය.

යන කරුණු සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රී පිරිස යෝජනා කරන බව ද හිටපු අමාත්‍ය රණවක මහතා අවධාරණය කළේය.

ජනතාවත් පාර්ලිමේන්තුවේ බහුතරයත් බලාපොරොත්තු වන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පසුපසට තල්ලු කිරීමේ උපාය මාර්ග ක්‍රියාත්මක වන බව මෙහිදී කතා කළ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේය.

“අපි පිළිගන්න ඕන සමාජයක් නිරන්තරයෙන් වෙනස් වෙනවා. හැම වෙලාවෙම තරුණ පෙළක් අලුතෙන් ඇතිවෙලා, සමාජ ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටිනවා. ඉතින් සමාජ ප්‍රතිසංස්කරණවලට එකඟ නොවෙනවා නම් රජයක්, ඒ රජය හුඟක් වෙලාවට ජනතාවගේ වෛරයට පිළිකුලට පාත්‍ර වෙනවා. ඒ නිසා අපි රජයෙනුත් ඉල්ලා හිටින්නේ එක දෙයයි. 21 වෙනි සංශෝධනය අවශ්‍යයි කියලා ජනාධිපතිතුමත් ප්‍රකාශ කරලා තියෙනවා. ඒකේ කරුණු කිහිපයක් පිළිබඳ යම් ආකාරයක සාකච්ඡා රැසක් පවතිනවා. මේ පිළිබඳ කෙටුම්පතක්, පෞද්ගලික මංථ්රී යෝජනාවක් යටතේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලයටත් මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් වුණා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ නිසා කරුණාකරලා මේක කල්ගත කරන්නේ නැතුව, ඉක්මනින් ක්‍රියා කරලා, ඒ අවශ්‍ය කරන ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම අපේ රටට ලබා දෙන්න”

මෙහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා;

“පවතින පාර්ලිමේන්තුව විසුරුවලා, නැවත රජයක් පත්වෙනකන් බොහෝ දෙනෙක් දකින හොඳම විසඳුම තමයි, නව රජයක්. නමුත් ඒකට තියෙන ප්‍රායෝගික අභියෝග තියෙනවා. එතෙක් අන්තර්කාලීනව මේ රට ඉදිරියට ගෙනයන්න රජයට අපිට කරන්න පුළුවන් දේ තමයි පළවෙනි දේ ජනතා විශ්වාසය යම්තාක් දුරට දිනාගන්න ඕනේ. පාර්ලිමේන්තුව හැටියට. ඒකට ගෙනාපු විසඳුම තමයි මේ 21. අපි රජයට බලකර කියන්නේ 21 ඉදිරි සඳුදට කැබිනට් මණ්ඩලය අනුමත කරලා අපේ යෝජනාත් ඇති සංශෝධනය. ඊළඟ පාර්ලිමේන්තුව තියෙන්නේ 21 වෙනිදා පාර්ලිමේන්තුවට කරුණාකරලා ඉදිරිපත් කරන්න. ඒ තුලින් මේ රටේ යම් වෙනසක් ඇති කිරීම සඳහා අඩිතාලම දාන්න. දැන් අගමැතිවරයා පත්වෙලා මාසෙකට ආසන්නයි. නමුත් එනකොට කිව්වේ ලොකු වෙනසක් වෙයි කියලා. අපි සර්ව පාක්ෂික රජයක් ඉල්ලුවේ මේක සර්ව පාක්ෂික රජයක් නෙමෙයි. අගමැතිවරයා පමණක් වෙනස් කරා. නමුත් වෙනසක් දැනෙන වෙනසක් ඇතිවන ආකාරයක් පේන්න නෑ. ඒ නිසා ඒ පියවර ගන්න කියන එක අවධාරණය කරන එක තමා අපේ මේ එකතුවේ අරමුණ. අපි හැමදෙනාම අපේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගනිමින්  හැම කාරණයක් සම්බන්ධව කාරණයෙන් කාරණයට මේ ආකාරයට එකතු වෙලා අපි කණ්ඩායමත් අනෙකුත් අපිත් එක්ක එකතු වෙන්න ඉන්න කණ්ඩායමුත් එකතු කරගෙන ප්‍රශ්න වලට මැදිහත් වෙන්න සූදානම්.

  • අලුත් සන්ධානෙක ආරම්භයක්ද යන්නේ?

පිළිතුර : (පාඨලී චම්පික රණවක මහතා)

නැහැ. එහෙම අලුත් සන්ධානයක් නෙවෙයි. ඇත්තටම පාර්ලිමේන්තුවේ හා මේ රටේ අද ඇතිවෙලා තියෙන්නේ සුවිශේෂී තත්වයක්නේ. මේ එළියෙන් ඇවිල්ලා තියෙන මේ 225 ම එපා කියන මේ තත්වයත් එක්ක රටේ ඔක්කොම විසඳුම් හොයන අලුත් යුගයක්නේ. ඉතින් අපි පාර්ලිමේන්තුවේ ඉන්න ඒ පක්ෂවල ඉන්නවා. අපිට ඡන්දේ දීපු ජනතාව ඉන්නවා. නමුත් අපි කල්පනා කළා යම් යම් ප්‍රශ්න සම්බන්ධයෙන්. විශේෂයෙන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සහ අනාගතයේ යම් යම් ගේන අණපනත් සම්බන්ධයෙන් අපි ටිකක් එකමුතුව වැඩ කරන්න ඕනෙයි කියලා. මොකද අපිට පාර්ලිමේන්තුවේ තේරුණා නියෝජ්‍ය කතානායක ධූරය පත් කිරීමේ අවස්ථාවේ ඉඳන්ම මේ හොඳම දේ නෙමෙයි මේ වෙමින් තියෙන්නේ කියලා. අපි පාර්ලිමේන්තුවේ පක්ෂ හැටියට ගැටි ගැටී ජනතාව එළියේ අරගල කරද්දී පාර්ලිමේන්තුව ගැන කලකිරීමක් සමාජයේ තියෙද්දී අපි මේ කරමින් ඉන්නේ හොඳම දේ නෙවෙයි කියලා. ඒ නිසා තමයි අපි කල්පනා කරේ, ස්වාධීනව ඒ අපි කටයුතු කරන අතරේ ඒ පක්ෂවල අපේ අනන්‍යතාවයන්  තියාගෙන අනාගතයේ යම් යම් ප්‍රශ්න සම්බන්ධයෙන් එකට කටයුතු කරන්න, ආරම්භයක් හැටියට අපි මේ 21 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් අපි එක මතයක ඉන්නවා.

  • එක ඒක හැඩතලවල බෝතල් වල පරණ වයින් ද?

පිළිතුර : (පාඨලී චම්පික රණවක මහතා)

වයින් නම් එහෙම තමා. මිනිස්සු කියන්නේ ඊට වඩා වෙනස් නේ. මිනිස්සු කියන්නේ දැන් වයින් වයින්මයි. පරණ වෙන්න වෙන්න හොඳ වෙනවා. හැබැයි මිනිස්සු කියන්නේ අත්දැකීම් වලින්, ප්‍රතිපත්ති වලින් වෙනස් වෙනවා. දැන් වයින් වලට මිනිස්සු සමාන කරන්න ටිකක් අමාරුයි.

  • සජබ මන්ත්‍රීවරුන් ගැලවිලා ඔබත් එක්ක එනවද?

පිළිතුර : (පාඨලී චම්පික රණවක මහතා)

නෑ. ගැලවෙන්න කිසිම දෙයක් නෑ. සජබෙ ඕන කෙනෙක් එක්ක මේ 21 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවේ අපිට වගකීමක් තියෙනවානේ. සමගි ජන බලවේගය, අපේ මිතුරු බලවේගයක්, ඒ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණත් අපි සලකන්නේ මිතුරු බලවේගයක් හැටියට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සලකන්නේ අපි ඒ විදිහට. ඉතින් ඒ අය එක්ක අපි විවෘතව මේ ප්‍රශ්නේ දී කටයුතු කරනවා.

Related posts

ඕස්ට්‍රේලියාව යළි ගිනි ගනී – නගර රැසක උෂ්ණතවය ඉහළට

Shiran Viraj

මාලිමා කැබිනෙට්ටුව දිවුරයි.. ලයිස්තුව මෙන්න..

Shiran Viraj

ලිත්‍රො ගෑස් සභාපති ඉල්ලා අස්වේ…

Shiran Viraj

11 comments

beretta 92fs california March 25, 2023 at 3:01 am

… [Trackback]

[…] Find More Info here to that Topic: hellofm.vip/2022/06/අලුත්-දේශපාලන-පෙරමුණක්-හ/ […]

Reply
สล็อตเว็บตรง April 17, 2023 at 4:09 am

… [Trackback]

[…] Info to that Topic: hellofm.vip/2022/06/අලුත්-දේශපාලන-පෙරමුණක්-හ/ […]

Reply
Trade show display design June 14, 2023 at 12:50 am

… [Trackback]

[…] Find More Info here on that Topic: hellofm.vip/2022/06/අලුත්-දේශපාලන-පෙරමුණක්-හ/ […]

Reply
David Bolno August 3, 2023 at 4:57 am

… [Trackback]

[…] There you will find 91471 additional Information on that Topic: hellofm.vip/2022/06/අලුත්-දේශපාලන-පෙරමුණක්-හ/ […]

Reply
토렌트 다운 August 24, 2023 at 8:13 am

… [Trackback]

[…] Info on that Topic: hellofm.vip/2022/06/අලුත්-දේශපාලන-පෙරමුණක්-හ/ […]

Reply
สติ๊กเกอร์สินค้า September 8, 2023 at 5:16 am

… [Trackback]

[…] Read More on on that Topic: hellofm.vip/2022/06/අලුත්-දේශපාලන-පෙරමුණක්-හ/ […]

Reply
denver magic mushroom shop​ September 12, 2023 at 4:35 am

… [Trackback]

[…] Read More to that Topic: hellofm.vip/2022/06/අලුත්-දේශපාලන-පෙරමුණක්-හ/ […]

Reply
guns for sale September 14, 2023 at 3:37 pm

… [Trackback]

[…] Info on that Topic: hellofm.vip/2022/06/අලුත්-දේශපාලන-පෙරමුණක්-හ/ […]

Reply
https://www.postandcourier.com/sponsored/phenq-reviews-does-this-diet-pill-actually-work/article_1cdbfb1a-395f-11ee-9d97-33c51303c959.html October 9, 2023 at 5:22 pm

… [Trackback]

[…] Read More on on that Topic: hellofm.vip/2022/06/අලුත්-දේශපාලන-පෙරමුණක්-හ/ […]

Reply
Recommended Site October 18, 2023 at 12:40 pm

… [Trackback]

[…] Read More Information here on that Topic: hellofm.vip/2022/06/අලුත්-දේශපාලන-පෙරමුණක්-හ/ […]

Reply
informative post December 8, 2023 at 7:51 pm

… [Trackback]

[…] Read More on on that Topic: hellofm.vip/2022/06/අලුත්-දේශපාලන-පෙරමුණක්-හ/ […]

Reply

Leave a Comment