30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

ශ‍්‍රී ලංකාවට ඉන්ධන ආනයනය නවතී.. මුළු රටම නතරවීම අභියසට…

අද වන විට ශ්‍රී ලංකාවේ තෙල් ආනයනය මුළුමනින්ම නතර වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කළේය.

පසුගිය 23 දා මෙරටට පැමිණෙන බව පැවසූ ඉන්ධන නෞකා අද වනතුරුත් මෙරටට පැමිණ නැතැයිද පැවසූ ඔහු එම නැව හදිසි මිලදී ගැනිම් යටතේ නිසි ටෙන්ඩර පටිපාටියෙන් තොරව මිලදී ගැනීමට උත්සාහ කළ එකක් වුවද දැන් එය ඉන්දියාව දෙසට යාත්‍රා කර ඇතැයිද කියා සිටියේය.

ඒ අනුව අද වන විට මුළු රටම නතරවීමේ අබියසට පැමිණ සිටින බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජනබලවේගයේ යාපනයේ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

Related posts

අනාගත ආපදාවලට සූදානම් වීමට දියුණු උපකරණ සහ මානව සම්පත් අත්‍යවශ්‍යයි – විජිත හේරත්

Maimoonar

වෘත්තිය සමිති සමාජික මුදල් නතර කරන්නැයි වතු කම්කරුවන් පාලන අධිකාරියෙන් ඉල්ලයි..

Maimoonar

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුමයන් සුරැකීමට ජනාධිපති කාර්ය සාධක බළකායක්

Maimoonar