BusinessBusiness NewsNews

සහල් කිලෝව රුපියල් දහස පනිනවා..

ඉදිරි මාස කිහිපය ඇතුළත මෙරට සහල් කිලෝවක් රුපියල් 1000 ඉක්මවනු ඇති බව මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරයි.

එහි ලේකම් පුංචිරාළ රත්නායක මහතා සඳහන් කරන්නේ රට පත්ව ඇති තත්ත්වය මත වගාවන් සඳහා අවශ්‍ය පොහොර ලබාදීමට වගකිවයුත්තන් කටයුතු කළ යුතුව ඇති බවයි.

පොහොර ටික ලබා ගැනීම සඳහා හෝ ඩොලර් ලංකාවට යොමු කරන්නැයි විදේශගත ලාංකිකයන් ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය.

මේ අතර එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරන්නේ ඔක්තෝබර් මාසය වන විට මෙරට අනිවාරෙන්ම සහල් හිගයක් ඇතිවන බවයි.

ජනාධිපතිවරයා විසින් එක රැයකින් රසායනික පොහොර තහනම් කිරීමේ තීන්දුව හේතුවෙන් ගොවිතැන මෙවන් තත්ත්වයකට පත්වූ බව ද සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා කියා සිටියේය.

Related posts

කොරෝනා අවදානම ඉහළයි – වායුසමීකරණය කළ කාමර වල ගැවසීම සීමා කරන්න යැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

Maimoonar

ජනාධිපතිවරණයට යලි තරග කරනවාද..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..

Maimoonar

හූති නිසා ලංකාවේ කල්ල මරේ.. කොළඹ වරායට එන්න වෙළද නෞකා පොරකති..

Maimoonar

4 comments

Comments are closed.