26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

බොට්ටුවෙන් ඉන්දියාවට පැනයාම වේගයෙන් ඉහලට.. තවත් පිරිසක් අත්අඩංගුවට…

යාපනය පලාලි මුහුදු තීරය හරහා අනවසරයෙන් ඉන්දියාවට ගමන්කිරීමට උත්සහ දැරූ පුද්ගලයින් 13 දෙනෙකු සහ බෝට්ටු 2 ක්  (30 ) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට පලාලි පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස ත්‍රීකුණාමලයේ තිල්ලෙයිනගර් සිට පලාලි ප්‍රදේශයට පැමිණ ඇති අතර අනතුරුව පලාලි ප්‍රදේශයෙන් බොට්ටු දෙකක් යොදාගෙන පලාලි මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පැන යාමට උත්සහ දරා ඇති බවට අනාවරනය වෙයි.

අදාල පිරිස පලාලි මුහුදු මාර්ගයන් ඔස්සේ ගමන් කරමින් සිටින අතරතුර උතුරු නාවික විධානයට අයත් නිලධාරීන්ට නිරීක්ෂණය වීමෙන් පසු එම පිරිස බොට්ටු දෙකක්, ඉන්ධන තොගයක්ද සමගින් නාවික හමුදා භාරයට ගෙන පසුව පලාලි පොලීසියට භාරදීමට කටයුතු යොදනු ලැබීය.

නාවික හමුදා භාරයට පත් වූ පිරිස අතර කාන්තාවන් තිදෙනෙක් පිරිමි තිදෙනෙක් සහ ළමුන් 05 දෙනෙකු වන අතරම පලාලි ප්‍රදේශයේ පදිංචි බෝට්ටු හිමිකරුවන් දෙදෙනෙකුද වෙයි.

අත්අඩංගුවට ගත් පිරිස අද දිනයේදී යාපනය මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවටද පරික්ෂණ සිදුකරන පලාලි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

මේ අතර පසුගිය මාර්තු 22 වනදා සිට උතුරු මුහුදු මාර්ගයන් ඔස්සේ ඉන්දියාවට අනවසරයෙන් පැමිණි පුද්ගලයින් 80 කට අධික පිරිසක් ඉන්දීය ආරක්ෂක අංශ භාරයට පත්ව ඇති බවටත් එලෙස පැමිනෙන පිරිස් ආරක්ෂක අංශ වෙතට පවසා ඇත්තේ ශ්‍රීලංකාවේ පවතින ආර්ථික තත්වය අනුව තමන්ට ජීවත් වීමට නොහැකි ලෙසින් ආර්ථිකය කඩාවැටීම හේතුවෙන් මෙලෙස පැමිණි බවට ඉන්දීය මාධ්‍ය පවසා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

කොමිසමට දේශපාලකයෝ ඇගිලි ගහනවා.. ස්වාධීනකම නැතිකරන්නයි හදන්නේ..- PUCSL සභාපති…

Maimoonar

වන්නි වැඩිම මනාපය බදියුදීන්ට

Maimoonar

රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම නතර කෙරේ

Maimoonar

728 comments

Comments are closed.