News Political

පෝලිම් අවසන් කර උද්ධමනය අඩු කරන ක‍්‍රියාමාර්ග ඉල්ලයි..

රටේ ජනතාවගේ ප්‍රශ්න විසදීම සඳහා සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් සම්බන්ධ කරගනිමින් තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියි.

නිමල් ලාන්සා මහතා මෙම ඉල්ලීම කර සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“රටේ මිලියන 22 ක් වූ ජනතාව මේ තුන්වෙනි සභාවාරයත් බලන් ඉන්නවා. මිනිස්සුන්ට අද විශාල ප්‍රශ්නයක් තියෙනවා. අද රටේ පවතින සත්‍ය තත්ත්වය මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළා. ඒනිසා පළමුවෙන් මුදල් අමාත්‍යවරයාට ස්තූතිය පළ කර සිටිනවා.මේ වගේ අමාරු අවස්ථාවක, සියලු දෙනා මේක බාර ගන්න බැරිව ඉන්නකොට එතුමා මේක භාර අරගෙන, ඕන කෙනෙකුට මේක භාර දීලා යන්න කැමතියි කියලා. එවැනි තත්ත්වයක් තුළ අවකංවම මේ රටට, මේ සභාවට පවතින තත්ත්වය ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීම.

මේ රටේ ජනතාව දැනගන්න ඕනේ, අපි දැනගන්න ඕනේ රටේ තියෙන ආර්ථික අර්බුදයේ ඇත්ත තත්ත්වය. ඒනිසා හෙට කවුරු නායකත්වයට ආවත්, කවුරු ජනාධිපතිවුනත්, කවුරු අගමැතිවුනත්, කවුරු කැබිනට් මණ්ඩලයට ආවත් ප්‍රශ්නය විසදන්න ඕනේ ක්‍රමවේදය එතුමා කීවා. ගරු කතානායකතුමනි අපි අද දවස තුළත් මේක සාකච්ජා කරලා යයි. තව සාකච්ජා ඕන තරම් තියයි. විවිධ විද්වතුන් ⁣විවිධ යෝජනා දෙයි. ඒ යෝජනා පාර්ලිමේන්තුව තුළ සාකච්ජාවට ආවම අපි ඉතිහාසය පුරා දැකලා තියෙනවා පක්ෂ විපක්ෂ අය කතා කරන හැටි.

අපි සියලු දෙනා ගැටලුව දන්නවා. රට තුළ තියෙන අභියෝගය සියලු දෙනා දන්නවා. ඒනිසා පක්ෂ විපක්ෂ බේදයක් නැතිව තේරීම් කාරක සභාවක් දාලා, එක දිගට සති දෙකක් අපි රැස්වෙලා කෙටිකාලීනව මේ අර්බුදය විසදලා , එළියේ ඉන්න ජනතාවට අපහසුතාවයක් නැතිව ප්‍රශ්න විසදලා දෙමු. පෝලිම් යුගය අවසන් කරලා, උද්ධමනය අඩු කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග පක්ෂ ⁣බේදයක් නැතිව අපි සියලු දෙනා එකතුවෙලා ගමු කියන යෝජනාව ඔබතුමාට කර සිටිනවා.

ඒ සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන්න. මධ්‍ය කාලීනව අපි ගන්න ඕන තීන්දු තීරණ ගන්න පක්ෂ බේදයක් නැතිව සාකච්ජා කරන්න. දීර්ඝ කාලීනව මේ සභාවේ කවුරු බලයට පත්වුවත් තව අවුරුදු 10 ක් 20 ක් මේක වෙනස් වෙන්නේ නැතිව ආර්ථික අර්බුද ජයග්‍රහණය කරලා, මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජන ජීවිතය නගා සිටුවන්න කටයුතු කරන්න කියන එක ආදරයෙන්, ගෞරවයෙන් මේ සභාවෙන් හා සියලුම පක්ෂ වලින් ඉල්ලා සිටිනවා. ඒ සදහා ඔබතුමාට විශාල වගකීමක් පැවරී තිබෙනවා” යැයි නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් කීය.

– මාධ්‍ය ඒකකය

Related posts

කොවිඩ් මරණ භූමදානය නුසුදුසු බවට විශේෂඥයින් නිර්දේශ කර‍යි – කොරෝනා වෛරසය භූගත ජලයට එක්වීමේ අවදානමක්

Shiran Viraj

රාජස්ථාන් ක්‍රීඩකයෝ බැංගලෝර් යළි පහළට දමති

Shiran Viraj

යහපාලන ආණ්ඩුව තමන් නොමරා මැරූ හැටි හිටපු ජනපති කියයි

Shiran Viraj