January 29, 2026
NewsPolitical

අගමැති ලේකම් සමන් ඒකනායක…

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා අද (12) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.

ඒකනායක මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙකි. 2015 – 2019 කාලය තුළ තෙවතාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇති ඒ මහතා සිව්වන වතාවට එම ධුරයට පත් කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ලබාගෙන ඇති ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ඇත. ඒ මහතා වසර 30ක් ඉක්මවූ සිය පරිපාලන සේවාවේ දී යෞවන කටයුතු, ක්‍රීඩා, සමෘද්ධි, නිවාස, කර්මාන්ත, විදේශ හා මුදල් අමාත්‍යාංශවල මෙන්ම මැලේසියාවේ සහ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයන් හි සේවය කර තිබේ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

ජනාධිපතිවරයා හිට්ලර් හා චැප්ලින් චරිත අතර දෝලනය වෙනවා..- ටිල්වින්

Maimoonar

ඇමති පිරිසක් ඉල්ලා අස්වන බව කියයි.. නැත්තන් පන්නනවා..

Maimoonar

රාජපක්ෂ පවුලේ මුදලට වැඩිපුරම කෑදර බැසිල්… රට විනාශ කලේ බැසිල්-පීබී..- හිටපු අගමැති මහින්දගේ ලේකම් හෙලිදරවුවක….

Maimoonar