NewsPolitical

මිරිහානේදී වාහන ගිනි තැබුනේ ආණ්ඩුවේම අයයි…

මිරිහාන ගැටුමේ වාහන ගිනි තිබ්බේ ආණ්ඩුවේ ම කුලීකාරයන් විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අහිංසක මිනිසුන් බවත් ඔවුන් වැරදි නොකළ අය බවත් ඔහු පැවසීය.

මෙම කළහය සඳහා පොලීසිය භාර ඇමතිවරයා ද වගකිව යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

ඇඳිරි නීතිය දමා ජනතා විරෝධය වැළැක්විය නොහැකි බවත් ආණ්ඩුවට රට කරන්න බැරිනම් බාරදීලා යා යුතු බවත් ඔහු පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා ෙමම අදහස් පල කළේය.

මෙම සාකච්ඡාව සඳහා එම පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල මහතාද එක්ව සිටියේය.

Related posts

ගාල්ලේ පාසල් 26ක දරුවන් 43 දෙනෙකුට කොරෝනා

Maimoonar

පළාත් 3කට අදත් හවසට වැසි

Maimoonar

කිරිපිටි මිල අඩුකලත් මේක නියම ක්‍රමය නොවෙයි..

Maimoonar

2 comments

Comments are closed.