NewsPolitical

චන්ද‍්‍රිකා යලි පිටියට එයි.. විපක්‍ෂ හා ස්වාධීන මන්ත‍්‍රින් සමග රහස් සාකච්චා.. ආණ්ඩුව පෙරලන්න සැරසේ..

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විපක්ෂයෙ නියෝජිතයන් පිරිසක් හමු වී – මාධ්‍යයට විවෘත නොවූ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊට සජිත් ප්‍රේමදාස, කුමාර වෙල්ගම, චම්පික රණවක, කරු ජයසුරිය, රංජිත් මද්දුම බණ්ඩාර, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, එම්.සුමන්දිරන්, අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න යන පිරිස සහභාගි වූ බව පැවසේ. හමුව තිබී ඇත්තේ BMICH හිදීයි.

රාජපක්ෂ පාලනය පෙරලීම සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

ජනතාව පාර්ලිමේන්තුවේ 225 ප්‍රතික්ෂේප කරමින් විරෝධතා කරන නිසා වෘත්තිකයන්ගේ සහාය ලබාගැනීමට වෘත්තීයවේදී කවුන්සලයක් වැනි විධිමත් ක්‍රමවේදයක් වහා ස්ථාපිත කළ යුතු බවට එහිදී යෝජනා වී ඇත.

මෙම යෝජනාවට සියලු දෙනාම එකඟතාවය පළකර ඇති අතර ඉදිරියේදීද මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට තීරණය කර තිබේ.

Related posts

කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කෙරේ

Maimoonar

ඇමති ජී.එල්. දැඩි අවුලක.. ලේකම් සමග බෑ කියා ඉහලටම දන්වයි.. ස්කොට්ලන්ත සංචාරය මැදත් ගෝරි..

Maimoonar

බොට්ටුවෙන් ඉන්දියාවට පැනයාම වේගයෙන් ඉහලට.. තවත් පිරිසක් අත්අඩංගුවට…

Maimoonar

981 comments

Comments are closed.