NewsPolitical

ජනාධිපතිට එපා කරවලා බැසිල් ජනාධිපති වෙන්න සැලසුමක..

ජනාධිපතිවරණයකින් තොරව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වීමට බැසිල් රාජපක්ෂ මහතා සහ හිතවාදී පිරිස් සැලසුමක් දියත් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

හිරු නාලිකාව සමඟ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව කියා සිටියේය.

ඒ මහතා පෙන්වා දෙන්නේ පවතින අර්බුදය උත්සන්න කළ විට යම් අවස්ථාවක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය අතහැර යනු ඇති බවට ඔවුන් විශ්වාස කරන බවයි.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා දැන් සිටින්නේ යහපත් නොවන තත්ත්වයකින් බවද නිසා එම අවස්ථාවන් උපයෝගී කරගනිමින් මහජන මතය විමසන මැතිවරණයකට නොගොස් වෙන පාරකින් ජනාධිපතිවරයා බවට පත්වීමට බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කරමින් සිටින බවද ඔහු එහිදී කියා සිටියේය.

Related posts

ආසාධ්‍ය කොරෝනා අයට දෙන එන්නත් ලක්‍ෂ 7-10ට විකුණයි.. එන්නත් මහ ජාවාරමක්..

Maimoonar

‘මේඩ් ඉන් ශ‍්‍රී ලංකා’ මෝටර් රථයක් වෙලද පලට.. රුපියල් ලක්‍ෂ 12යි…

Maimoonar

රට වැසීම වැරදියි.. අපට කන්න නෑ.. රජයේ සේවකයන්ටත් පඩි දෙන්න එපා..- රජයේ පිරිසක්ම විරෝධයේ..

Maimoonar

2 comments

Comments are closed.