January 29, 2026
Local NewsNews

ලෝක රූ රැජින වෙන්න ගිය පුෂ්පිකා දෙවරක් රෙදි ගලවා ගනී…

පුෂ්පිකා ද සිල්වා මහත්මිය දරන ලද ශ්‍රී ලංකා විවාහක රූ රැජින නාමය වහාම ඉවත් කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජන සංවිධානය තීරණය කර තිබේ.

ශ‍්‍රී ලංකා විවාහක රූ රැජින සංවිධානයේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා විසින් ප්‍රසිද්ධ නිවේදනයක් මගින් මේ බව දැනුම් දී තිබේ.

ඒ අනුව අද දින සිට පුෂ්පිකා ද සිල්වා මහත්මියට ශ්‍රී ලංකා විවාහක රූ රැුජින නාමයත් දේශීය හෝ විදේශීය වත් කිසි ලෙසකින් භාවිතා කිරීම වාරණය කර තිබේ.

පසුගිය වසරේදී ශ්‍රී ලංකා විවාහක රූ රැජින වූ පුෂ්පිකා ද සිල්වා ඒ සදහා වූ අවසාන තරගයේදීද ගැටුම්කාරී තත්වයක් මැද එම කිරුල දිනා ගත්තාය.

මෑතකදී ඇමරිකාවේ පැවති ලෝක විවාහක රූ රැජින තරගය සඳහා සහභාගි වීමෙන් වී පරාජය වීමෙන් පසුව රෝසි සේනානායක හා චන්දිමාල් ජයසිංහ ආදී අයට චෝදනා කළේ ඔවුන් විසින් කරන ලද බලපෑම් මත තමන්ට හිමි වන්නට ගිය කිරුළ අහිමි කළ බවයි.

ඒ සම්බන්ධයෙන් ඇයට එරෙහිව අධිකරණය හමුවේ නඩු දෙකක් ගොනු කර අපහාස වන්දා ඉල්ලා තිබේ.

Related posts

10 සිසුවෙක් කොරෝණා රෝගීන්ට සේවාවට රොබෝවෙක් හදයි.. වහාම හමුදාවෙන් ගෙන යයි..

Maimoonar

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් දේහයන් භූමදානය කිරීම අසාධාරණ නෑ..- ඇමති සබ්රි

Maimoonar

බතික් ඇමතිකම් හදලා අපව විහිළුකාරයන් කලේ බැසිල්..- දයාසිරිගෙන් බැසිල්ට සැර පහරක්..

Maimoonar

1 comment

Comments are closed.