January 8, 2026
Local NewsNews

ඩෙවොන් දිය ඇල්ල රක්ෂිතයේ ගින්නක්.. අක්කර ගාණක් විනාශයි…

හැටන් දිඹුල පතන ප්‍රදේශයේ පිහිටි ඩෙවොන් ඇල්ල රක්ෂිතයේ (04) දින රාත්‍රියේ හටගත් ගින්නකින් අක්කර 25 පමණ ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

ඩෙවොන් දිය ඇල්ලට බටහිර ප්‍රදේශයෙන් පිහිටි දිඹුල පතන වත්ත ප්‍රදේශයට මායිමව මෙම ගින්න (04) දින රාත්‍රි 7 ට පමණ හටගෙන ඇති බවත්, මේ දිනවල ඩෙවොන් දිය ඇල්ල රක්ෂිත ප්‍රදේශවලට පවතින දැඩි වියළි කාලගුණයත් සමග ඉලුක් සහිත එම රක්ෂිතයේ ගින්න සිඝ්‍රයෙන් පැතිර ගිය බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

පසුගිය දින කිහිපය තුලම ඩෙවොන් ඇළ රක්ෂිතය පුරා කිසියම් පිරිසක් විසින් ගිනි තැබිම් සිදු කිරිම නිසා එම රක්ෂිතයේ අක්කර 100 ආසන්න භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ විම නිසා විශාල පරිසර හානියක් සිදු වි ඩෙවොන් ඇල්ලේ සුන්දරත්වයට බලපැමක් සිදු වි ඇති බවයි එම මාර්ගයේ ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයින් කියා සිටින්නේ.

මධ්‍යම කදුකරය පුරා මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග ඇතැම් පිරිස් විසින් සතුන් දඩයම් කිරිම සහ විනෝදාශ්වාදය සදහා මෙවැනි ගිනි තැබිම් සිදු කරන බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ඥානසාර හිමියන් සභාපති කිරීම ඔලමොට්ටල වැඩක්…

Maimoonar

පොහොර නෑ.. එළවළු තොග මිල සීග‍්‍රයෙන් ඉහලට.. වගාකරන කදුකරයේ අද මිල ගණන් මෙන්න..

Maimoonar

නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවක්…

Maimoonar

982 comments

Comments are closed.