27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

මං ජනාධිපති වුණාම ආර්ථිකය හදනවා..- අනුර දිසානායක

තමන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් වූවොත් රට ගොඩනැගීම සඳහා මූලික පියවරයන් ස්ථාපිත කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කළේය.

පළමුවෙන්ම දේශපාලනයට ඇති වරදාන වරප්‍රසාද සියල්ලම අහෝසි කරන බවද පැවසූ ඔහු වංචාව හා දූෂණය නතර කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසීය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවත් ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සැලැස්මක් ඇති කර රටේ ආර්ථිකය අනිවාර්යෙන්ම සකස් කරන බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ සිරස රූපවාහිනි සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

Related posts

කවුරු බලයට ආවත් හැදීමට නොහැකි රටක් යැයි සිතූ අයට රට හැදෙන බව දැන් පෙනෙන්නට ඇතැයි ඇමති සමන්ත විද්‍යාරත්න පවසයි

Maimoonar

මන්නාරමේ සතියක මස් තහනමක්! – මියගිය සතුන් වෙළෙඳපොළට මුදාහැරීම වැළැක්වීමට තීරණයක්

Maimoonar

හේෂා-චමින්ද 20ට පක්‍ෂයි..?

Maimoonar

2 comments

Comments are closed.