January 8, 2026
Local NewsNews

පාරේ බුලත් කෙල ගසන අයට අද සිට නීතිය දැඩිව..

මහාමාර්ග වල තැනින් තැන බුලත් කෙළ ගසන පුද්ගලයන්ට විරුද්ධව අද සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට පොලිසියට දැනුම් දී ඇත.

පොලිස් ආරක්ෂණ සහ ජනාධිපති කාර්යාලයේ විශේෂ පැවරුම් හා පරිසර අංශයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතා පොලිස් පරිසර ඒකකයට මෙම උපදෙස් ලබාදී තිබේ.

මාර්ග වල තැනින් තැන කෙළ ගැසීමෙන් දැඩි අපවිත්‍ර තාවයක් ඇති වීම මෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තියද හේතුව නිසා ඒ වෙනුවෙන් නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කරනු ලැබීය.

දණ්ඩ නීති සංග්‍රහය අනුව එම වරද කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු පැවරීම කළ හැකි බවද පොලිස් අධිකාරිවරයා කියා සිටියේය.

Related posts

ඉන්ධන කෝටාව මදි… අපි රස්සාව අතහරිනවා..- ත‍්‍රීවීල් හිමියන්..

Maimoonar

අලුත් වාහන නැතිව ජනතාව අසීරුවේ.. ඩොලර් තියන නිසා වාහන ගේමු..- ආනයනකරුවන්

Maimoonar

දහම් පාසල් ආරම්භ කිරීමට අවසර

Maimoonar

109 comments

Comments are closed.