Local NewsNews

පාරේ බුලත් කෙල ගසන අයට අද සිට නීතිය දැඩිව..

මහාමාර්ග වල තැනින් තැන බුලත් කෙළ ගසන පුද්ගලයන්ට විරුද්ධව අද සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට පොලිසියට දැනුම් දී ඇත.

පොලිස් ආරක්ෂණ සහ ජනාධිපති කාර්යාලයේ විශේෂ පැවරුම් හා පරිසර අංශයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතා පොලිස් පරිසර ඒකකයට මෙම උපදෙස් ලබාදී තිබේ.

මාර්ග වල තැනින් තැන කෙළ ගැසීමෙන් දැඩි අපවිත්‍ර තාවයක් ඇති වීම මෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තියද හේතුව නිසා ඒ වෙනුවෙන් නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කරනු ලැබීය.

දණ්ඩ නීති සංග්‍රහය අනුව එම වරද කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු පැවරීම කළ හැකි බවද පොලිස් අධිකාරිවරයා කියා සිටියේය.

Related posts

රෝහිතගේ දරු සුරතල් ගීත වීඩියෝව රූපවාහිනියේ විකාශය කිරීම ගැන සමාජ ජාලවල දැඩි විවේචන..

Maimoonar

මහින්ද දේශපාලනයෙන් සමු ගනී..? පොහොට්ටුවන් රනිල්ගේ නායකත්වයට..?

Maimoonar

කලින් කොරෝනා සුව වූ ජා-ඇල අයෙකුට නැවතත් කොරෝනා වැලදේ.. රෝහල්ගත කරයි..

Maimoonar

109 comments

Comments are closed.