28.9 C
Colombo
September 10, 2026
NewsPolitical

ගෑස් පිපිරීමට හේතුව සජිත් හෙලි කරයි…

මේ වන විට ගෑස් බෙදාහැරීම නවතා දමන්නට අදාල සමාගම් කටයුතු යොදා ඇති අතර සියල්ල සිදුවන්නේ ගෑස් පිලිම් පිපිරීම් පිළිබඳ සත්‍ය වසන් කරමින් බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඊතයිල් මැකැප්ටීන් අඩංගුවේ ගැටලුවක් නිසා බෙදා හැරීම් නවත්වන බව ඒ සමාගම් කීවත් ඇත්ත කතාව වන්නේ ජනතාව ඇන්දවීම බව කී විපක්ෂ නායකතුමා වෙළෙඳපොළ තුල 72% ගෑස් අධිකාරියක් හිමි ලිට්‍රෝ ගෑස් සමාගම බවත් ඉල්ලුමට සරිලන සැපයුම නොමැති නිසා කඩිමුඩියේ අර්බුදයට ලක්වූ සමාගම කාන්දුවීම වැලැක්වීමේ පරීක්ෂණය නතරකොට ගෑස් වෙළෙඳපොළට නිකුත් කළ බව පැවසීය.

මෙයින් රටම බලවත් අනතුරකට පත්වූ බවත් රටපුරා ගෑස් පිපිරීම් වූ බවත් පැවසූ විපක්ෂ නායකතුමා, මේ මහා අපරාධයට ආණ්ඩුව,විෂය භාර ඇමතිවරු,මෙන්ම අදාල ගෑස් සමාගම වගකිවයුතු බවද පැවසීය.

මෙය සාපරාධී ක්‍රියාවක් බවත්, සංවිධානාත්මක අපරාධයක් බවත් කී විපක්ෂ නායකතුමා, මේ වැරදිකරුවන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග වහාම ආණ්ඩුව පැහැදිලි කළයුතු බවද කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සසුනට අරුණ වැඩසටහන යටතේ මීගහජදුර පුරාණ විහාරස්ථානයේ ලක්ෂ විසිපහක මූල්‍ය ප්‍රථිපාදන යටතේ ඉදිකළ දහම්පාසැල් ගොඩනැගිල්ල විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.

විහාරාධිපති පූජ්‍යපාද අන්දරවැව නන්දරතන නාහිමිපාණන්වහන්සේ ප්‍රමුඛ මහාසංඝරත්නය එම අවස්ථාවට වැඩම කළ අතර සූරියවැව අම්බලන්තොට සංවිධායක ටී.වී.කේ ගාමිණී මහතා විසින් එම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

– media unit

Related posts

විදුලිය අවශ්‍ය නම් විතරක් ගන්න රිලෝඩ් ක‍්‍රමයක්..

Maimoonar

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඝාතනය වූ බව ඉරානය තහවුරු කරයි

Maimoonar

ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..

Maimoonar

1 comment

Comments are closed.