February 26, 2026
BusinessBusiness NewsNews

වාහන රැසක් මහ මග නැවතිලා.. ඩොලර් හිගයෙන් බාල ඉන්ධන ගෙනන බවට චෝදනා..

මෙරටට ආනයනය කරන ඉන්ධන තත්වයෙන් බාල ඒවා බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.

ඩීසල් යොදන ලද බස් රථ ගණනාවක් මහ මග අතර මග නතර වී ඇති බවත් මේ සම්බන්ධයෙන් තමන් පොලීසියට පැමිණිලි කළ බවත් ඔහු පැවසීය.

මෙරට ඩොලර් හිගය හේතුවෙන් ආනයනය කරනු ලබන්නේ බාල ඉන්ධන බවත් මෙම ඉන්ධන භාවිතා කරන වාහන දෝෂයන්ට ලක්වන බව කියා සිටී.

එමෙන්ම මෙම ඉන්ධන දහනය වන ප්‍රමාණය ද ඉතා ඉහළ බව ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මේ බව කියා සිටියේය.

Related posts

සපුගස්කන්ද පිරිපහදුව වහයි..

Maimoonar

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට සවස 6 සිට ඇඳිරි නීතිය

Maimoonar

පාසල් විෂය නිර්දේශයට විකෘති ලිංගික ක්‍රියා ඇතුළත් කිරීම නිරාගමික රාජ්‍යයක් බිහි කිරීමේ කුමන්ත්‍රණයක් බව මිහින්තලා හිමියෝ පවසති

Maimoonar

1 comment

Comments are closed.