February 26, 2026
Local NewsNews

රුසියාවේ ඉහළම සම්මානයක් ලංකිකයකුට හිමිවෙයි…

ජාත්‍යන්තර සහයෝගීතාව සහ සම්බන්ධීකරණය වෙනුවෙන් රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පිදෙන “ජාත්‍යන්තර සහයෝගිතා සම්මානය” අග්‍රාමාත්‍ය උපදේශක සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතාට මොස්කව් නුවර දී පසුගිය (25) දා ප්‍රදානය කර ඇත.

ශ්‍රී ලාංකිකයකු මෙම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර මෙයට පෙර ස්ලෝවේනියාව, ඉන්දියාව, ප්‍රංශය, බල්ගේරියාව රටවලින් තෝරාගත් පුරවැසියන් සඳහා මෙම සම්මානය ප්‍රදානය කර තිබේ.

රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යාංශ සම්මේලනයේ පාර්ලිමේන්තු සහ මහජන සංගම් විෂය සබඳතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෙමෝන් ග්‍රිගෝරියෙව් මහතා විසින් වෛද්‍ය සමන් වීරසිංහ මහතාට මෙම සුවිශේෂී සම්මාන පදක්කම පළඳවන ලදි.

විදේශීය රාජ්‍ය සමග ද්වීපාර්ශික සම්බන්ධතා වර්ධනය කරමින් රාජ්‍ය අතර සහයෝගිතාවය වර්ධනය කිරීමට එරට විදේශ අමාත්‍යංශය හා ක්‍රියාකාරීව සම්බන්ධවන රුසියානු පුරවැසියන් හා විදේශීය පුරවැසියන් වෙනුවෙන් රුසියානු සමූහාණ්ඩුව මෙම සුවිශේෂී සම්මානය ප්‍රදානය කරයි.

“රුසියානු සමූහාන්ඩුවේ වීරයා” සම්මානයෙන් පිදුම් ලද අභ්‍යාවකාශගාමී වැලේරී තකාරෙව් මහතා ද වෛද්‍ය සමන් වීරසිංහ මහතා සමඟ මෙම සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයකි.

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා වර්ධනය කිරීම සඳහා වෛද්‍ය සමන් වීරසිංහ මහතා වසර ගණනාවක් තිස්සේ ඉටු කළ සුවිශේෂ කාර්යභාරය ඇගයීම ද මෙම සම්මාන ප්‍රදානයට සමඟාමීව සිදුවිය.

වෛද්‍ය සමන් වීරසිංහ මහතා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස (2015-2018) රුසියානු-ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබඳතා ඉහළ දැමීමට වටිනා මෙහෙවරක් ඉටු කළ අතර අග්‍රාමාත්‍ය උපදේශක තනතුරට අමතරව, ශ්‍රී ලංකා – රුසියානු මිත්‍රත්ව සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස ද කැලණිය රජ මහා විහාරස්ථානයේ දායක සභාවේ සභාපති ලෙස ද දෑ හිත කාමී මෙහෙවරක නිරත වී සිටියි.

මොස්කව් නුවර රුසියානු සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍යාංශයේ පැවති උත්සව අවස්ථාවට එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සෙමෝන් ග්‍රිගෝරියෙව් මහතා, රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා අබේවික්‍රම මහත්මිය සහ රුසියානු විදේශ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්, තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ පිරිසක් එක්ව සිටියහ.

– media unit

Related posts

අදානිට ජනපති අනුරගෙන් දැඩි ප‍්‍රහාරයක්..

Maimoonar

ලංවිම සභාපතිට ජනපතිගෙන් දැඩි ප‍්‍රහාරයක්… සභාපතිගෙන් ආන්දෝලනාත්මක හෙලිදරවුවක්…

Maimoonar

සහල් ආනයන කරනවා.. කිලෝවට 65ක බද්දක් ගහනවා.. ඒ ගොවියා රකින්නයි…

Maimoonar

9 comments

Comments are closed.