26.7 C
Colombo
October 2, 2026
NewsPolitical

වාසු-විමල්-උදය ආණ්ඩුවට එරෙහිව සාක්‍ෂි දෙයි.. වෙනම නීතීඥයෙක් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ..

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ දී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල ඇමතිවරුන් වෙනුවෙන් වෙනම පෞද්ගලික නීතිඥවරයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමතිවරුන් සඳහා ඒ අනුව වෙනම නීතීඥයෙක් පෙනී සිටිනු ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් පසුගියදා රැස්ව කළ සාකච්ඡාවකින් අනතුරුවයි.

අමාත්‍ය මණ්ඩලයට එරෙහි නඩු පැවරීමේදී නීතිපතිවරයා පෙනී සිටීම සාමාන්‍ය ක්‍රමය වුවද අමාත්‍යවරුන් පිරිසක් වෙනුවෙන් වෙනත් නීතිඥයකු ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙයයි.

ආණ්ඩුව මෙම ගිවිසුම සම්බන්ධයෙන් දරන මතයට වඩා වෙනස් මතයක් මෙම ඇමතිවරුන් දැරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් ඉදිරිපත් වී ඇති අතර ඉන් ඉල්ලා ඇත්තේ යුගදනවි බලාගාරය කොටස් ඇමරිකාවට පැවරීම හා ගෑස් ඒකාධිකාරය එම සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බල රහිත කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

Related posts

නෙළුම් කුළුණ විවෘත කලාට මහජනතාවට ඒ ගැන සතුටක් දැනෙනවාද…

Maimoonar

ඇස්ට්‍රාසෙනෙකා ගන්න අන්තර්ජාලයෙන් වෙලාව වෙන්කරන ක‍්‍රමය මෙන්න..

Maimoonar

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ කොවිඩ් ආසාදිතයින් 313ක් : ගොතටුවෙන් පමණක් 74ක්

Maimoonar

664 comments

Comments are closed.