February 12, 2026
NewsPolitical

ඇදිරි නීතිය කැඩු අය අල්ලා මහ පාරේ PCR කරයි…

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පනවා ඇති නිරෝධායන ඇදිරිනිතිය නොතකා නාවලපිටිය නගරයට පැමිණි පිරිසක් සහ නාවලපිටිය නගරයේ විවෘත කර ඇති අත්‍යාවශ්‍ය සේවා වෙලදසැල්වල හිමිකරුවන් සහ සේවකයින් 150 දෙනෙකු අහඹු ලෙස (09) දින පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කරනු ලැබුහ.

නාවලපිටිය පස්බාගේ කෝරලයේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරින් සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් ,නාවලපිටිය පොලිසියේ නිලධාරින්ගේ සහයෝගය මත නාවලපිටිය නගර මධ්‍යයයේදි මෙසේ අහඹු ලෙස පි.සි.ආර් පරික්ෂණය සිදු කරනු ලැබුහ.

අහඹු ලෙස  පි.සි.ආර් පරික්ෂණ භාජනය කරනු ලැබු පුද්ගලයින්ගේ  දත්ථ වාර්ථාවක් මහජන සෞඛ්‍යය පරික්ෂක වරුන් විසින් ලබා ගත් අතර එම පරික්ෂණයේදි අසාදිතයන් හමුවුවහොත්  එම අසාධිතයන් නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කරණ බවද මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

අන්තවාදීන්ගේ මීලග ප‍්‍රහාර මොනවාදැයි බුද්ධි අංශ හිරේට ගොස් ඥාණසාර හිමිගෙන් අසති..

Maimoonar

තැන්පතු මුදල් නීති විරෝධී ලෙස ලබාගත් මූල්‍ය ආයතනයකට මහබැංකුවෙන් නියෝගයක්

Maimoonar

විශ්‍රාමිකයින්ට දුම්රිය බලපත් ලබා ගැනීමේ විශේෂ ක්‍රමවේදයක් හෙට සිට

Maimoonar

1 comment

Comments are closed.