January 8, 2026
Local NewsNews

SJB පාර්ලිමේන්තු මන්ත‍්‍රී හමුදාපතිගේ නිවස වීඩියෝ කරයි.. පොලිසියට පැමිණිලි..

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පෞද්ගලික නිවස හා එය පිහිටි භූමිය වාහනයකින් පැමිණ ජංගම දුරකථනයකින් වීඩියෝගත කර ගෙන ගිය බව කියන හතර දෙනෙකු පිළිබඳව පරීක්ෂණ වැලිකඩ පොලිසිය විසින් පවත්වයි.

පොලිසිය පවසන්නේ මෙම පිරිස අතර සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

එම නිවස ඉදිරිපිට ආරක්ෂාවේ යෙදී සිටි ආරක්ෂකයින් විසින් මෙම වීඩියෝ ගත කිරීම දැක ඇති අතර ඒ බව පොලිසියට පැමිණිලි කර තිබේ.

ඔවුන් විසින් අදාළ වාහනයේ සිටි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද හඳුනාගෙන ඇතැයි පොලිසිය කියා සිටී.

Related posts

කොවිඩ් වසංගතයෙන් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නංවාලීමට HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි

Maimoonar

රහස් පොලිසිය ගෝටාභයගෙන් ප‍්‍රශ්ණ කරන්න යයි.. අල්ලස් චෝදනාවක්…

Maimoonar

අනුර යාපා ඇතුළු සිවු දෙනාටම ඇප..

Maimoonar

2 comments

Comments are closed.