January 8, 2026
Local NewsNews

මහවැලි ගග පිටාර ගලයි….

මධ්‍යම කදුකරයට  (12) දින උදැසන සිට ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය .

නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 300 සහ නාවලපිටිය රෝහල පාර මෙසේ  වැසි ජලයෙන් යට වි  තිබුණි.

ප්‍රධාන මාර්ගය අභියස පිහිටි වෙලදසැල් කිහිපයක්ද වැසි ජලයෙන් යට විම නිසා ව්‍යාපාරිකයන්ද දැඩි අසිරුතාවයට පත්විය.

තවද නාවලපිටය ප්‍රදේශයට ඇදහැලුනු වර්ෂාවත් සමග මහවැලි ගග පිටාර ගැලිමෙන් නාවලපිටිය  වලපිටිය සහ වැලිගම්පල  ප්‍රදේශයේ නිවාස රැසක් සහ ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ඉන්ධන මිල වැඩි කරන්නේ භාවිතය අඩු කරන්නයි..- සිපෙට්කෝ සභාපති

Maimoonar

කොරෝනා අනු පොකුරු බිහිවීමේ අවධානමක් : ඊයේ ආසාදිතයින් 487ක් සහ මරණ 02ක්

Maimoonar

පියා විසින් දුෂණය කල දියණිය දරුවෙකු බිහි කරයි.. වසර 12ක් සිර දඬුවම්…

Maimoonar

2 comments

Comments are closed.