Local NewsNews

ඩෙල්ටා ආසාදිතයන් විශාල පිරිසක් රට පුරා.. හදුනාගත් ප‍්‍රදේශ මෙන්න..

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් දිවයිනේ දිස්ත්‍රික්ක 11 නගර 26කින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ රෝගීන් ප්‍රමාණය 124 දක්වා ඉහල යයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ මෙම ආසාදිතයන් ඩෙල්ටා ආසාදිතයන් හඳුනා ගත්තේ ඉතා සීමිත ආසාදිතයන් පිරිසකට අහඹු ලෙස සිදු කල පරිජක්‍ෂණවලින් බවයි.

මෙය කිසිසේත්ම මෙරට සිටින උපරිම ඩෙටා සංඛ්‍යාව නොවන බවත් ඩෙල්ටා ආසාදිතයන් ප්‍රමාණය මීට වඩා බොහෝ ඉහළ බවද ඔහු සඳහන් කළේය.

ඩෙල්ටා ආසාදිතයන් වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර ඩෙල්ටා ආසාදිතයන් හදුනාගත් සෙසු ප්‍රදේශ මෙසේය.

රාගම
කඩවත
කොළඹ
අංගොඩ
කොටිකාවත්ත
බියගම
නුගේගොඩ,
බොරලැස්ගමුව
ගල්කිස්ස
මහරගම
පිළියන්දල
බණ්ඩාරගම
පානදුර
ගාල්ල
මාතර
රත්නපුර
මහනුවර
අම්පාර
කුරුණෑගල
වවුනියාව
යාපනය

Related posts

වැඩි මිලට බිත්තර විකුණු සුපිරි වෙළඳසැලකට මිලියනය ඉක්මවූ දඩයක්….

Maimoonar

ජල ගාස්තුවේ සංශෝධනයක්

Maimoonar

වන අලි සංරක්ෂණයට සහය පතමින් සජිත් ප්‍රේමදාස කුමරු විලියම්ට ලිපියක්

Maimoonar

1 comment

Comments are closed.