February 26, 2026
Local NewsNews

දහස් ගණන මැරී වැටේවි.. රට භයානක ඛේදවාචකයක් කරා..- ප‍්‍රකට වෛරසවේදී මහාචාර්ය තිස්ස විතාරන

 ශ්‍රී ලංකාවේ මේ වන විට වේගයෙන් පැතිරෙමින් ඇති කොරෝනා ව්‍යාප්තිය නතර කළ හැක්කේ මුළු රටම අඛණ්ඩව දින දහහතරක් වසා දැමුවහොත් පමණක් බව වෛරසවේදය පිළිබඳ ප්‍රකට මහාචාර්ය හිටපු අමාත්‍ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

එසේ නොකර මේ තත්ත්වය කිසිසේත්ම පාලනය කළ නොහැකි බව පැවසූ ඔහු දින දෙක තුනකට පමණක් රට වැසීම ප්‍රතිඵලදායක නැතැයිද කියා සිටියේය.

වෛද්‍ය විශේෂඥයන් විසින් රට දින දාහතරක් වසා දැමිය යුත්තේ ඇයි ප්‍රකාශ කරන්නේ හේතු සහිතව බව ද ඔහු කියා සිටී.

රට දැනට පවතින්නේ ඉතාම දරුණු තත්වයක බවත් පැවසූ ඔහු රට ඛේදවාචකයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටින බවත් පෙන්වා දෙයි.

තත්ත්වය මෙම අවස්ථාවේ පාලනය නොකර ගතහොත් දහස් ගණන් මැරී වැටෙන තත්ත්වයක් ඇති වන බවද ඔහු අනතුරු අගවයි.

Related posts

ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපති කියයි..

Maimoonar

21 පරදවන්න ද්විත්ව පුරවැසි මෙහෙයුමක්… 2/3 නැති කරන්න මන්ත‍්‍රීන් අල්ලයි…

Maimoonar

රුසියාව සිරකරගෙන සිටි ලාංකික සිසුන් පිරිසක් අපි බේරාගත්තා..- යුකේ‍්‍රන ජනපති

Maimoonar

790 comments

Comments are closed.