February 26, 2026
International NewsNews

මියන්මාර හමුදා නායකයින්ට අමෙරිකාවෙන් සම්බාධක

මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ හමුදා නායකයින්ට එරෙහිව සම්බාධක පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඊට අදාල විධායක නියෝගයට අත්සන් තබා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ හමුදා නායකයින්ට අමතරව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ එම පිරිස්වලට අයත් වයාපාර ද අමෙරිකානු සමබාධක වල ඉල්ක්කය වනු ඇති. එසේම අමෙරිකාවේ ඇති මියන්මාර හමුදාවට අයත් අමෙරිකානු ඩොලර් බිලියන 1 ක වත්කම් අත්හිටුවීමට ද අමෙරිකාව මේවනවිටත් කටයුතු කරමින් ඇති බවයි වාර්තා වන්නේ.

මියන්මාරයේ හමුදා නායකයින්ට එරෙහිව මෙලෙස හදිසියේ සම්බාධක පැනවීමට අමෙරිකාව තීරණය කළේ හමුදා පාලනයට එරෙහිව ක්‍රියාත්මක විරෝධතාවලට සහභාගී වී සිටි 20 හැවිරිදි තරුණියක් වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් පසුවයි. එම තරුණිය මේ වනවිට අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ මියන්මාරයේ ආරක්ෂක අංශ වෙතයි. හමුදා පාලනයට එරෙහිව මියන්මාර වැසියන් තවදුරටත් විරෝධතාවල නිරත වනවා. විරෝධතාකරුවන් මර්දනය කිරීමට එරට පාලනාධිකාරිය විසින් කටයුතු කරමින් සිටින බැවින් මියන්මාරයට ජාත්‍යන්තය තුල වැඩි අවධානයක් යොමුව තිබෙනවා .

nethnews

Related posts

අමාත්‍යංශ ලේකම්ලාත් අලුතින් පත් කරයි.. මුදල් ලේකම් නොසොල්වයි..

Maimoonar

රනිල් අගමැති ධුරයේ දිවුරුම් දෙයි… තනි මිනිසෙක් රටක අභියෝගය බාර ගනී..

Maimoonar

නල්ලූර් කෝවිලේදී විස්සයි-20 ලෝක කුසලානය රැගෙන ආ පිරිස සහ භාරකරුවන් අතර උණුසුම් තත්ත්වයක්

Maimoonar