January 8, 2026
Local NewsNews

ETI වංචාවට එදිරිසිංහ පවුලේ තිදෙනෙකු අත්අඩංගුවට

ETI වංචාව සම්බන්ධයෙන් එම ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂවරුන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන හිටපු අධ්‍යක්‍ෂවරුන්.

ETI ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබුණා.

ETI ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙයසි නීතිපතිවරයා, පොලිස්පතිවරයාට ද උපදෙස් ලබාදී තිබුණේ. ඒ, රුපියල් බිලියන 13 යි දශම 7 ක තැන්පතු නීතිවිරෝධීව භාරගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාළවයි.

Related posts

මේ ආණ්ඩුවත් යහපාලනේ වගෙයි.. ඇමතිකම් හතර අතේ හතර පොලේ බෙදලා…

Maimoonar

ඔ්මානයේ සිට ආ දියණිය තොණ්ඩමන්ට අවසන් ගෞරව දක්වන්නේ නිරෝධායන නීති කඩමින්ද…?

Maimoonar

පිලිපීනයේ ප‍්‍රබල භූමිකම්පාවක්.. සුනාමි අනතුරු අගවයි..

Maimoonar

1 comment

Comments are closed.