NewsSportsSports News

බංග්ලාදේශ තරග සන්චාරයෙන් කොදෙව් කණ්ඩායමේ ප්‍රබලයින් රැසක් ඉවත් වෙයි

එළඹෙන බංග්ලාදේශ තරග සංචාරයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප‍්‍රබල කී‍්‍රඩකයින් රැසක් ඉවත් වී තිබෙනවා. ඒ, කොරෝනා වසංගත තත්වය සහ පෞද්ගලික කරුණු කිහිපයක් මුල් කර ගනිමින්. බංග්ලාදේශ තරග සංචාරයට එක්වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප‍්‍රකාශයට පත්කර ඇති අතර කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස පත්කර ඇත්තේ ක්‍රෙයිග් බ‍්‍රාත්වෙයිට්. එම තරග සංචාරයට එක්වන කොදෙව් එක්දින කණ්ඩායමේ නායකත්වයට ජේසන් මොහොමඕ පත්කර තිබෙනවා. 

කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක ජේසන් හෝලඩර්, එක්දින කණ්ඩායමේ නිත්‍ය නායක කිරන් පොලාඞ්, නිකලස් පූරාන්, ෂිම්රන් හෙට්මයර්, ඩැරන් බ‍්‍රාවෝ , ශම්රහ් බෘක්ස්, රොස්ටන් චේස්, ෂෙල්ඩන් කොට‍්‍රලේ, එවින් ලූවිස්, ෂායි හෝප්, ෆෙබියන් ඇලන් සහ ෂේන් ඩව්රිච් යන ක‍්‍රීඩකයින් බංග්ලාදේශ තරග සංචාරයෙන් ඉවත්වීමටයි තීරණය කර ඇත්තේ. 

කොදෙව් ක‍්‍රීඩකයින් ලබන 10 වනදා බංග්ලාදේශයට පැමිණීමට නියමිත අතර, මෙම තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3 ක් සහ ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Related posts

එළවළු විකුණන්න බැරි තත්ත්වයක් එයි.. කිලෝව විස්සකටවත් දෙන්න බැරිවෙයි..

Maimoonar

අගමැති හරිනි අමරසූරිය හිටපු ජනපති රනිල් හමුවූ බවට පළ වූ වාර්තා අසත්‍යයි

Maimoonar

උතුරු මුහුදේ අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 52ක් නිදහස් කරයි..

Maimoonar

4 comments

Comments are closed.