Local NewsNews

බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටෙයි… සිව් දෙනෙකුට බරපතලයි…

 යාපනය චාවකච්චේරී නූනාවිල් ප්‍රදේශයේදී බස්රථයක් සහ වෑන් රථයක් අනතුරට ලක් වීමෙන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහලගත කල බවට චාවකච්චේරී පොලීසිය පවසයි.

මන්නාරමේ සිට යාපනය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් සහ යාපනයේ සිට වව්නියාව දෙසට ගමන්ගත් වෑණ් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය පැවසීය.

අනතුරින් වෑන් රථයේ ගමන් කරමින් සිටි සිව් දෙනෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර වෑන් රථයට සහ බස්රථයටද දැඩි හානි සිදුව ඇත.

මෙම අනතුරට හේතුව අධික වේගය පාලනය කරගැනීමට නොහැකි වීම බවට සැක පල කරන්නේයැයි පරික්ෂණ සිදු කරන චාවකච්චේරි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Related posts

රටේ ජනතාව ඉල්ලන වෙනස කරන්න පුළුවන් නාමල් රාජපක්‍ෂටයි..

Maimoonar

වෙසක් සමයේ පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය තහනම්…

Maimoonar

බැසිල්ගේ IMF ප‍්‍රකාශයට කබ්රාල්ගෙන් ප‍්‍රතිචාර…

Maimoonar

3 comments

Comments are closed.