Local News News

ආසාදිතයන් වැඩියෙන් හමුවේ.. තවත් ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන්..

වතු ආශ්‍රිත ප්‍රදේශ දෙකක කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසතිදයන් විශාල ප්‍රමාණයක් වාර්තා විම නිසා ඉන් එක් වතු යායක කොටසක් සංචරණ සිමා පැනවිමටත් , තවත් වත්තක කොටසක් හුදකලා කිරිමටත් සෞඛ්‍යය අංශ නිලධාරින් (05) දින සිට කටයුතු කර ඇත.

අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන වැලිඔය වත්ත දඩුකැලේ පහල කොටසට (05) දින සිට සම්පුර්ණයෙන්ම සංචරණ සිමා පැනවිමටත් , බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන බොගවාන ලින්ස්ටඩ් වතු යයේ පහල කොටස සම්පුර්ණයෙන්ම (05) දින සිට හුදකලා කිරිමටත් සෞඛ්‍යය නිලධාරින් කටයුතු කර ඇත.

අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන වැලිඔය වත්ත දඩුකැලේ වත්ත පහල කොටසින් අසාදිතයන් 25 දෙනෙකු හදුනාගෙන අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර  ඇති අතර , (05) දිනයේදි පමණක් එම වතු යායෙන් ආසාදිතයන් 16 දෙනෙකු හමු වි ඇති අතර , ඒ අතර වයස අවු 16 ට පාසල් සිසුන් දෙදෙනෙකු සහ ගැබිණි මවක්ද සිටි බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසුවේ.

බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන බොගවාන ලින්ස්ටඩ් වතු යායේ පහල කොටසින් මේ වන විට අසාදිතයන් 8 දෙනෙකු හදුනාගෙන එම අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර එම වතු යායේ වතු නිවාස පේලි 4 ක පදිංචි 147 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

lankacnews

Related posts

තරග 1000 ක් සම්පූර්ණ කළ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ඉතිහාසයේ හොඳම සිදුවීම් 20 ට ශ්‍රී ලංකාවෙන් 03 ක්

Shiran Viraj

බස්නාහිර මඟීන්ට හිටිගමන් පී.සී.ආර්

Shiran Viraj

අද (18) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Shiran Viraj