NewsPolitical

55 පැන්නොත් ජනාධිපතිවරණය තරග කරන්න බෑ.. අලුත් ව්‍යවස්ථාවෙන් නීතියක්.. එන ජනාධිපතිවරණට සජිත්ට බෑ..

ඉදිරියේදී ගෙන ඒමට සූදානම් වන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරණයට තරග වැදීම සදහා වයස අවුරුදු 55 න් නොඉක්මවිය යුතු බවට වගන්තියක් ඇතුළත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

අද අරුණ පුවත්පත වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම උපරිම වයස් සීමාව අවුරුදු 55 ක් ලෙස නිශ්චිත කිරීමට යෝජනා වී ඇති බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි අවම වයස් සීමාව අවුරුදු 30 නොවෙනස්ව පවතිනු ඇතැයිද සඳහන්ය.

මේ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු තම සමාජ ජාල ගිණුමේ සටහන් කර ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මීළඟ ජනාධිපතිවරණයේදී වයස අවුරුදු 55 ඉක්මවන නිසා ඔහුට බිය වී ඔහු ජනාධිපතිවරනයෙන් ඉවත් කිරීමේ අභිලාෂයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.

lankacnews

Related posts

දීර්ඝ පාසල් නිවාඩුව හෙටින් ඇරඹේ..

Maimoonar

ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතුයි..- පක්‍ෂ නායකයන් යෝජනා සම්මතයකට සූදානම්..

Maimoonar

බන්දුල කියන මිලට හාල් හෙව්වොත් බත් කන්නට සිදුවන්නේ නැත! – පා.ම හර්ෂද සිල්වා

Maimoonar

1,052 comments

Comments are closed.