NewsPolitical

පාර්ළිමේන්තුවේ 225ට ඔහේ බලා සිටීමට සිදු වෙලා – විමල් වීරවංශ

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (30) දින පාර්ලිමේන්තුව අමතමින් පවසා සිටියේ බෝ නොවන රෝග සහ ජනතාවගේ ආහාර පුරුදු මෙන්ම ජීවන රටාව අතර ඇති සබඳතාව යන පැතිකඩයන් දෙකම වෙළඳපොළ බලවේග විසින් පාලනය කරන බවයි.

ඒ පිළිබඳව දීර්ඝ විග්‍රහයක් කරමින් වීරවංශ මහතා චෝදනා කර සිටියේ කෘතිම ලෙස නිෂ්පාදිත ආහාර මෙන්ම විෂ රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යට දැඩි අන්තරාකාරී තත්වයක් ඇතිවී ඇතිවී තිබෙන බවයි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ අදාල සමාගම් විසින් මෙරට ජීවන රටාව සහ ආහාර රටාව හැඩගස්වමින් සිටින බවයි.

එමෙන්ම සබන් ලෙස හඳුන්වා දෙන ඇතැම් නිෂ්පාදනයන් පිළිබඳවද එහිදී එම මහතා හෙළි කර සිටි අතර අදාල සමාගම් විසින් සිය බලය යොදා සිදු කරමින් පවතින දෑ පිළිබඳවද හෙළි කර සිටියේය.

මෙම වෙළඳපොළ බලවේග විසින් නිළධාරීන් මෙන්ම දේශපාළකයින් ද මිළදී ගැනීම ලොව පුරා සිදුවෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම බැරෑරුම් සහ සංකීර්ණ තත්වය යටතේ; මිනිසුන් විශ්වාසය තියා පත් කළ 225ට, වෙළඳපොළ බළවේගයන්ට රට පාළනය කිරීමට ඉඩදී ඔහේ බලා සිටීමට සිදුවී තිබීම සෝචනීය කරුණක් බව ද ඔහු වැඩිදුරටත් අනාවරණය කර සිටියේය.

සම්පූර්ණ කතාව පහතින්
https://www.youtube.com/embed/7v_lgnugeFg?feature=oembed

Related posts

ජනාධිපති කාර්යාලයේ වාහන 22ක් වෙන්දේසි කරයි.. 07ක් නොවිකිණේ..

Maimoonar

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නම භාවිතා කරමින් රට පුරා මුදල් එකතු කළ සැකකරු අල්ලයි

Maimoonar

Unity Plaza තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් කෙරේ…

Maimoonar