NewsPolitical

දුමින්දට මරණ දඩුවම දීම දේශපාලන පලිගැනීමක්.. ජනාධිපති කොමිසමට පැමිණිල්ලක්

මරණ දඬුවමට නියම කර දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා දේශපාලන පලිගැනීමට ලක් ව ඇති බව පවසමින් දේශපාලන පළිගැනීම පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම කොමිසමේ පොලිස් ඒකකය වෙත මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

එමඟින් කියා ඇත්තේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම කිරීම පැවති රජය සමයේ සිදුකළ බරපතළ දේශපාලන පලිගැනීමක් බවයි.

මෙම පැමිණිල්ල ඉදිරි දිනයකදී කැඳවා විමර්ශනය කිරීමට නියමිත බවද සඳහන්ය.

nethnews

Related posts

පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අහෝසි කල යුතුයි..- අගරදගුරු

Maimoonar

ගම්පහට පන්දසහක දීමනාව ලබා දීමේ දෙවන අදියර අදින් ඇරඹේ – රුපියල් කෝටි 232ක් රජයෙන් ජනතාවට

Maimoonar

පුද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුප 25,000 කරනවා…

Maimoonar

821 comments

Comments are closed.