Local News News

ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරයෙක්ට කොවිඩ්

ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකු මෙලෙස ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවය.

ඔහු පසුගියදා කොටහේන ප්‍රදේශයේ සිය නිවසේ සිටියදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

අදාළ වෛද්‍යවරයා සමඟ සේවය කළ තවත් වෛද්‍යවරුන් තිදෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

adaderananews

Related posts

21 දිනලා ක්‍ෂණිකව දිවුරුම් දෙනවා.. ක්‍ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවනවා…

Shiran Viraj

විවාහ මංගල ශාලාවේ සේවකයින් 12කට කොරෝනා : ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ පැවති මංගල උත්සවයට 150 දෙනෙකු සහභාගි වෙලා

Shiran Viraj

ලොක්ඩවුන් කිරීමට පැය කිහිපයකට පෙර ” වියානා නුවරට” එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය(PHOTOS)

Shiran Viraj