29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

විදේශ රටවලින් ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වීම අත්හිටුවයි : අදත් පුද්ගලයින් 374ක් රැගෙන එයි

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගත තත්වය යළි හිස එසවීමත් සමග ගුවන් මගින් විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම අද (07) දින මධ්‍යම රාත්‍රීයේ සිට තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගැනීමට සූදානම් බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

මේ වනවිට ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් කොරෝනා ආසාදිත බවට තහවුරු වීම නිසා රජයේ නීරෝධායන මධ්‍යස්ථාන නිදහස් කර අවශ්‍ය ඉඩකඩ ලබා   ගැනීම එයින් බලාපොරොත්තු වෙනවා. මේ වනවිට ඒ සදහා වන නවතම ගුවන් ගමන් කාළසටහන ද සකස් කෙරෙමින් පවතින බව ද එම ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේ.

මේ අතර ඊයේ (06) දින මධ්‍යම රාත්‍රීයේ දී සහ අද (07) දින අලුයම තවත් ශ්‍රී ලාංකිකයන් 374 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 74 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-648 දරන ගුවන් යානය ඊයේ දින මධ්‍යම රාත්‍රී 11.20 ට ඩුබායි සිට කටුනායක  ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. ඒ සමගම මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 104 දරන ගුවන් යානය මාලේ සිට ඊයේ මධ්‍යම රාත්‍රී 11.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

එමෙන්ම දකුණු කොරියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 285 දෙනෙකු රැගෙන කොරියානු ගුවන් සේවයේ කේ.ඊ.- 9473 දරන විශේෂ ගුවන් යානය අද දින අලුයම 3.15 ට ඉන්චියොන් සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම සියලුම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කිරීමෙන් අනතුරුව නීරෝධායන කටයුතු සදහා යොමු කර ඇත.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ගෑස් මිල තවත් පහල දමයි…

Maimoonar

ඉන්ධන, විදුලි, ගෑස් පොලිම් අවසන් කරන්න අගමැති රනිල්ගේ සැලසුම් මෙන්න..

Maimoonar

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට ඇමරිකාවෙන් දැවැන්ත මූල්‍ය යෝජනාවක්

Maimoonar

97 comments

Comments are closed.