February 26, 2026
BusinessBusiness NewsNews

මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනය හෝමාගම දී විවෘත කෙරේ

හෝමාගම, පිටිපන ස්ලින්ටෙක් (SLINTEC)කලාපයේ ස්ථාපිත කළ මොරිසන් ඖෂධ නිෂ්පාදන හා පර්යේෂණ මධ්‍යස්ථානය අද (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ.

වසර තුනකට පෙර ඉදි කිරීම් ආරම්භ කළ මෙම ආයතනයේ වැඩ අවසන් කිරීම සඳහා වැය කළ මුදල අමෙරිකන් ඩොලර් මිලියන 13.8 කි.

ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඖෂධ පෙති බිලියන 1.8 ක් ආනයනය කරන අතර මෙම ඖෂධ නිෂ්පාදන මධ්‍යස්ථානය මඟින් ඉදිරියේ දී එම දේශීය අවශ්‍යතාවයෙන් කොටසක් සපුරාලීමට නියමිතය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමඟාමීව දේශීය ඖෂධ නිෂ්පාදනය ඉහළ දැමීමේ හා දිරි ගැන්වීමේ අරමුණින් ආරම්භ කෙරෙන මෙම මධ්‍යස්ථානය ඔස්සේ ඉදිරියේ දී විදේශීය ඇණවුම් සඳහා ඖෂධ නිෂ්පාදනය ද සිදු වේ.

lanka lead news

Related posts

මදූෂ්ගේ ප්‍රධානතම වෙඩික්කරුගේ නිවස වටලයි – නිවසේ තිබී ප්‍රධාන කොල්ලයක සාක්ෂිත් හමුවෙලා

Maimoonar

ජාතික ලැයිස්තුව නිකුත් වෙයි

Maimoonar

අලුත් පක්‍ෂයක් හදනවාලු.. එතකොට පොහොට්ටුවට අවාසියි..- ජනපති හමුවී බැසිල් කියයි..

Maimoonar