29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

බ්‍රැන්ඩික්ස් සැඟවුණු සේවකයන් සොයා බුද්ධි මෙහෙයුම් – වහාම නිරෝධායනයට යොමු වන්න -යුද හමුදාපති

නිරෝධායනය කිරීමට අවශ්‍ය එහෙත් දැනට ලිපිනයන් වෙනස් කර සැඟවී සිටින බ්‍රැන්ඩික්ස් සේවකයන් වහාම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී නි​රෝධායනයට යොමුවන ලෙස හමුදාපතිවරයා ඉල්ලා සිටී,

බස්නාහිර පළාතෙන් පිටතට ගොස් සිටි බ්‍රැන්ඩික්ස් සේවකයන් 495න් අඩක් පමණ ස්ථිර ලිපිනයන්වල නොසිටි බවත්, කොළඹ සෙසු ප්‍රදේශවල ඔවුන් සැඟවී ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අරුණට පැවසීය.

කොවිඩ් පොකුර වාර්තා වූ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවය කළ සියලුදෙනා නිරෝධායන මධ්‍යස්ථානයක හෝ රෝහලක මිස මේ මොහොතේ නිවාසවල නොසිටිය යුතු බවද ඔහු අවධාරණය කර සිටී.

මෙය ජාතික වගකීමක් සේ සලකා ආරක්ෂක අංශ හෝ සෞඛ්‍ය අංශවලට දන්වා වහාම නිරෝධායනට එක්වන ලෙස දන්වා සිටී.

රෝහල්ගතවීම හෝ නිරෝධායනය මගහරින පිරිස් සොයන බුද්ධි මෙහෙයුමට හමුදාව හා පොලිසිය යෙදවූ බවද හෙතෙම අනාවරණය කළේය.

එමෙන්ම බ්‍රැන්ඩික්ස් ආයතනයේ සිටින තම පෙම්වතිය හමුවීමට ගිය වෙනත් කර්මාන්තශාලාවක කළමනාකරුවකුද හඳුනාගෙන ඇති බැවින් එම ආයතනයේ පිරිස්ද ස්වයං නි​රෝධායනයට ලක්කර ඇත.

පසුගිය දින ඊයේ බ්‍රැන්ඩික්ස් ආයතනයට ගිය හෝ එහි සේවකයන් අසුරු කළ අයද වහාම සෞඛ්‍ය අංශ වෙත යොමුවන ලෙසද ඉල්ලා සිටී

lanka lead news

Related posts

ජලය හිගයි.. විදුලිය ඉන්ධනවලින්.. වියදම පාරිභෝගිකයන්ගෙන්…

Maimoonar

අපි සාර්ථකව කොරෝනා පාලනය කරලා.. එන්නත්කරණයෙන්ද අපි ඉදිරියෙන්.. ආණ්ඩුවට ඔ්න තරම් සල්ලි තියෙනවා.. ඉල්ලන තරමක් දෙනවා..

Maimoonar

සතොසින් අවුරුදු සහන මල්ලක්.. බිත්තරයක් 36යි..

Maimoonar

276 comments

Comments are closed.