Local NewsNews

බ්‍රැන්ඩික්ස් සැඟවුණු සේවකයන් සොයා බුද්ධි මෙහෙයුම් – වහාම නිරෝධායනයට යොමු වන්න -යුද හමුදාපති

නිරෝධායනය කිරීමට අවශ්‍ය එහෙත් දැනට ලිපිනයන් වෙනස් කර සැඟවී සිටින බ්‍රැන්ඩික්ස් සේවකයන් වහාම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී නි​රෝධායනයට යොමුවන ලෙස හමුදාපතිවරයා ඉල්ලා සිටී,

බස්නාහිර පළාතෙන් පිටතට ගොස් සිටි බ්‍රැන්ඩික්ස් සේවකයන් 495න් අඩක් පමණ ස්ථිර ලිපිනයන්වල නොසිටි බවත්, කොළඹ සෙසු ප්‍රදේශවල ඔවුන් සැඟවී ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අරුණට පැවසීය.

කොවිඩ් පොකුර වාර්තා වූ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවය කළ සියලුදෙනා නිරෝධායන මධ්‍යස්ථානයක හෝ රෝහලක මිස මේ මොහොතේ නිවාසවල නොසිටිය යුතු බවද ඔහු අවධාරණය කර සිටී.

මෙය ජාතික වගකීමක් සේ සලකා ආරක්ෂක අංශ හෝ සෞඛ්‍ය අංශවලට දන්වා වහාම නිරෝධායනට එක්වන ලෙස දන්වා සිටී.

රෝහල්ගතවීම හෝ නිරෝධායනය මගහරින පිරිස් සොයන බුද්ධි මෙහෙයුමට හමුදාව හා පොලිසිය යෙදවූ බවද හෙතෙම අනාවරණය කළේය.

එමෙන්ම බ්‍රැන්ඩික්ස් ආයතනයේ සිටින තම පෙම්වතිය හමුවීමට ගිය වෙනත් කර්මාන්තශාලාවක කළමනාකරුවකුද හඳුනාගෙන ඇති බැවින් එම ආයතනයේ පිරිස්ද ස්වයං නි​රෝධායනයට ලක්කර ඇත.

පසුගිය දින ඊයේ බ්‍රැන්ඩික්ස් ආයතනයට ගිය හෝ එහි සේවකයන් අසුරු කළ අයද වහාම සෞඛ්‍ය අංශ වෙත යොමුවන ලෙසද ඉල්ලා සිටී

lanka lead news

Related posts

පරීක්ෂණ වැඩි කිරීම සඳහා සැපයුම් අඩුපාඩු බාධාවක් නම් වහාම සොයා බලා අවශ්‍ය සැපයුම් ලබා ගැනීමට කටයුතු කරන්න – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Maimoonar

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

Maimoonar

අන්තවාදී කල්ලියේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක යළිත් රිමාන්ඩ්

Maimoonar

276 comments

Comments are closed.