February 26, 2026
Local NewsNews

නිරෝධායන රාජකාරියට ගිය PHIට මන්ත‍්‍රීගෙන් තර්ජන..

නිරෝධායන ප්‍රදේශයක අනවසර වෙලදාමක් ඉවත් කිරිමට ගිය හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතාගේ රාජකාරියට එම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු වන ලංකා කම්කරු කොන්ග්‍රසයේ සෙල්වදොරෙයි රත්නකුමාර් නැමති මන්ත්‍රිවරයා නිරෝධාන රාජකාරියට බාධා කල බව පවසමින් මැදවෙල මහතා හැටන් පොලිසියේ විවිධ පැමිණිලි අංශයට (30) දින පැමිණිල්ලක් කර ඇත.

හැටන් ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් 11 දෙනෙකු හමුවිමත් සමග හැටන් අලුත්ගම ප්‍රදේශයේ නිවාස කිහිපයක සමාජිකයන් කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් කිහිප දෙනෙකුගේ ආශ්‍රිතයන් නිසා සෞඛ්‍යය අංශ විසින් ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

හැටන් අලුත්ගම ප්‍රදේශයේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ අලුත්ගම ප්‍රදේශයේම කිහිප දෙනෙකු නිරෝධායන නිති උල්ලංඝනය කරමින් එලවළු අලෙවි කරන බවට ලද පැමිණිල්ලක් මත එය ඉවත් කිරිමට ගිය අවස්තාවේ අදාල නාගරික මන්ත්‍රිවරයා එම ස්ථානයට පැමිණ එලවළු වෙලදාමේ නියැලෙන අය ඉවත් නොකරන ලෙසට තමන්ට බලපැම් කරමින් තර්ජනය කල බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා විසින් හැටන් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සටහන් කර ඇත.

කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් 11 දෙනෙකු හමුවිමත් සමග හැටන් ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කිරිම නිසා හැටන් සහ දික්ඔය නගරයේ වෙලදසැල් සිව් දිනක් වසා දමා තිබියදි  දික්ඔය නගරයේ පිහිටි අදාල මන්ත්‍රිවරයාගේ වෙලදසැල විවෘත කර තිබුණි.

හැටන් අලුත්ගම ප්‍රදේශයේ ව්‍යාපාර කටයුතු වල නියැලි සිටින පිරිස් පවසන්නේ තමන්ට ජිවත් විමට ක්‍රමයක් නොමැති නිසා පවතින වෛරස් අවධානමද නොතකා  ව්‍යාපාර කටයුතු සිදු කල බවයි.

මහජන සෞඛ්‍යය පරික්ෂකවරයාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇත.

Related posts

ධම්මික බණ්ඩාර මේසන් බාස් කෙනෙක් වුවද ඖෂධය හරි ගිය සැණින් ඔහු වෛද්‍යවරයෙකි.. හැදූ කෙනා නොව ඖෂධය පරීක්‍ෂා කරනු..

Maimoonar

ආර්ථික අර්බුදය ජනවාරියේ පහව යනවා..- කබ්රාල්

Maimoonar

අටලුගමට මින්පසු පී.එච්.අයිලා නෑ

Maimoonar

9 comments

Comments are closed.