February 26, 2026
Local NewsNews

තෙවන ජනරජ ව්‍යවස්ථාවට ජනතා අදහස් ඉල්ලයි

මෙරට 02 වන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනුවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම සදහා මහජන අදහස් ලබාගැනීම ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම් එම් පී කේ මායාදුන්නේ පවසනවා.

ඒ සම්බන්ධයෙන් යම් පුරවැසියෙකු සිය යෝජනා, මත හෝ අදහස් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ නම්, එම යෝජනා, මත හෝ අදහස් සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි යන කවර මාධ්‍යයකින් නොවැම්බර් 30 වන දිනට පෙර යොමු කළ යුතු වනවා. ඒ, ලේකම්, විශේෂඥ කමිටුව, අංක 32, පරිශ‍්‍ර අංක 02 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයටයි.

නැතහොත් ැංචැරඑිජදපපචමඉකසජ?හ්යදදගජදප යන විද්්‍යුත් ලිපිනයට ද එම යෝජනා, මත හෝ අදහස් යොමු කළ හැකියි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අධිකරණ අමාත්‍යංශයේ අඅඅගපදවගටදඩගකන යන නිල වෙබ් අඩිවියේ ද ඇතුළත්.

මේ අතර 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ විවාදයේදී අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු කියා සිටියේ ලබන වසරට පෙර නව ව්‍යවස්ථාව ඉදිරිපත් කරන බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

විෂය නිර්දේශ ආවරණය නොකර 2023 උසස් පෙළ තියන්න එපා!..

Maimoonar

සේනාධිපතිගේ හඬපටයක් අර්ජුන එලියට දමයි..

Maimoonar

Covid – 19 එන්නත් ජාවාරමේ පෙරමුණ ගැනීමට ලොව බළවතුන් පොරකයි.

Maimoonar