29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

20 අලුතින් ගැසට් වෙයි

දැනට ගැසට් කර ඇති විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති අඩුපාඩු නිවැරැදි කර ඒ වෙනුවට වෙනත් ගැසට් පත්‍රයක් නිකුත් කරන බව ඇමැති විමල් වීරවංශ ප්‍රකාශ කළේය. දැනට ගැසට් කර ඇති කෙටුම්පතේ ඇති ඇතැම් ගැටලු සම්බන්ධව තමාද ඇතුළුව පක්ෂ නායකයන් කිහිප දෙනකුම අගමැතිවරයාගේ අවධානය යොමු කළ බව කී ඇමැතිවරයා ඒ අනුව අගමැතිවරයා විසින් කමිටුවක් පත් කළ බවද කීය.

එම කමිටුවේ නිර්දේශ ලැබෙන තුරු දැනට නිකුත් කර ඇති ගැසට්ටුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයිද කී ඇමැතිවරයා කමිටුවේ නිර්දේශ සලකා බලා නව ගැසට්ටුවක් 20 වැනි සංශෝධනය ලෙස ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුවෙන් අනුමත කර ගන්නා බවද කීවේය.

දැනට ඉදිරිපත් කර ඇති ගැසට්ටුවේ ඇතැම් කාරණා සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් යම් කනස්සල්ලක් පළ කර ඇතැයි ද ඒවා නිරවුල් වූ පසු 20 වැනි සංශෝධනයට තුනෙන් දෙකේ ඡන්දය ලබා ගත හැකි බවද විමල් වීරවංශ ඇමැතිවරයා පෙරේදා මාධ්‍ය හමුවේ පැවැසුවේය.

ඒ අනුව හෙට (15 වැනිදා) දිනයේ රැස් වී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව සමාලෝචන කටයුතු ආරම්භ කරන බවද ඇමැතිවරයා කීය.

අගමැතිවරයා පත්කර ඇති කමිටුවේ, ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් සභාපතිත්වය දරන අතර කැබිනට් ඇමැතිවරු වන උදය ගම්මන්පිල, අලි සබ්රි, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, රාජ්‍ය ඇමැතිවරු වන සුසිල් ප්‍රේමජයන්ත, එස්.වියාලේන්ද්‍රන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ඩිලාන් පෙරේරා, ප්‍රේමනාත් සී.දොලවත්ත යන අය ‌සෙසු සාමාජිකයෝ වෙති.

lanka lead news

Related posts

බලංගොඩ වෙළඳසැලක හටගත් ගින්නකින් පියා සහ දියණිය මරුට

Maimoonar

O/L ප්‍රතිඵල අද හවසට

Maimoonar

ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනූ කැරොලින් මව්බිමට

Maimoonar

1,556 comments

Comments are closed.