29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නංවයි

රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව 350 කින් ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍යංශ තීරණය කර තිබෙනවා.

ඒ සරසවි ප‍්‍රවේශ අවස්ථා ලබාදෙන සිසුන් සංඛ්‍යාව පසුගිය වර්ෂවලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවෙන් කළ ඉල්ලීමකට අනුවයි.

ඒ සඳහා අවශ්‍ය පසුබිම සහ හැකියාව සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව සහ වෛද්‍ය පීඨ සහිත රජයේ සියලු විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් සහ පීඨාධිපතිවරුන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ද පැවැත්වුණා.

සිසුන් වැඩි පිරිසක් රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ සදහා ඇතුළත් කර ගැනෙන ප‍්‍රථම අවස්ථාව මෙය බවයි අධ්‍යාපන අමාත්‍යංශ පැවසුවේ. වැඩි සිසුන් ප‍්‍රමාණයකට විශ්ව විද්‍යාල ප‍්‍රවේශ අවස්ථා ලබාදීම හරහා රටේ මානව සම්පතට එක්වන අනාගත වෛද්‍යවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීම මෙහි අරමුණ බව ද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත්  පැවසුවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජයි…- කොටුවේ පොඩි හාමුදුරුවෝ

Maimoonar

ජාතික සාම සභාවෙන් රජයට ඉල්ලීමක්

Maimoonar

කොළඹ බෝම්බ පුපුරුවන කතාවක් සමාජ ජාලා හොල්ලයි..

Maimoonar

491 comments

Comments are closed.