Local News News

වැසි තත්ත්වය තවදුරටත්

දිවයිනේ ප‍්‍රදේශ රැසකට මේ වනවිටත් තද වැසි ඇදහැළෙමින් තිබෙනවා. මෙලෙස තද වැසි ඇද හැලීම ආරම්භ වූයේ ඊයේ (01) රාති‍්‍රයේ සිටයි. දිවයින ආශි‍්‍රත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් ඊට හේතුවයි. ඒ අනුව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 18 තුළද දිවයින පුරා තවදුරටත් දැඩි වෙමින් ඇදහැළෙනු ඇති බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්‍ෂා කරන්නේ.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 300 කට වඩා වැඩි ඉතා තද වැසිද ඇති විය හැකි බවට අනුමාන කෙරෙනවා. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බවටයි අනතුරු ඇඟවෙන්නේ. මේ, කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර.

ඊයේ රාති‍්‍ර 9 සිට මේ දක්වා තත්ත්වය සැලකීමේදී වැඩිම වර්ෂාපතනයක් ඇදහැලී ඇත්තේ කළුතර සහ ගාල්ල යන දිස්ති‍්‍රක්කවලටයි. කළුතර දිස්ති‍්‍රක්කයේ අගලවත්ත ප‍්‍රදේශයෙන් මෙතෙක් වැඩිම වර්ෂාපතනය වාර්තා වන්නේ මිලිමීටර් 286.5 ක අගයක් වාර්තා කරමින්.

කළුතර දිස්ති‍්‍රක්කයේ කෙසෙල්හේනව සහ හොරණ යන ප‍්‍රදේශවලට මිලිමීටර් 225.5 ඉක්මවූ අධික වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා. මීට අමතරව මොරපිටිය ප‍්‍රදේශයෙන්ද මිලිමීටර් සියය ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වනවා.

ගාල්ල දිස්ති‍්‍රක්කයේ වදුරඹ ප‍්‍රදේශයෙන්ද මිලිමීටර් 210 ඉක්ම වූ වර්ෂාපතනයක් ඇදහැලී තිබෙනවා. මීට අමතරව ගාල්ල, දිවිතුර සහ බණ්ගමුකන්ද යන ප‍්‍රදේශවලින්ද මිලිමීටර් 105.5 ඉක්මවූ තද වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම දත්තවල දැක්වුණේ.

ඒ අනුව ගාල්ල දිස්ති‍්‍රක්කයේ මේ වනවිට තත්ත්වය පිළිබද සොයා බැලීමට නෙත් නිවුස් සම්බන්ධ කර ගත්තා ගාල්ල නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්.

මේ අතර පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන්් දිස්ති‍්‍රක්ක 4 කට නායයෑම් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. එම දිස්ති‍්‍රක්ක වන්නේ ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුරයි. ඒ අතරින් ගාල්ල දිස්ති‍්‍රක්කයේ ඇල්පිටිය, නාගොඩ සහ බද්දේගම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත්, කළුතර දිස්ති‍්‍රක්කයේ පාලින්දනුවර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් දෙවන මට්ටමේ අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගත වූ පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර් සියය ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතිින්නේ නම් නායයෑම්, කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරලීම්, පොළව ගිලා බැසීම් හා බෑවුම් කඩා වැටීම් ඇති විය හැකි බවටයි අනතුරු අ`ගවන්නේ. ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වී ආරක්‍ෂිත පියවර ගැනීම අත්‍යවශ්‍ය බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.

මේ අතර ඊයේ රාති‍්‍රයේ සිට පවතින තද වැසි තත්ත්වය හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයකින් ආපදා තත්ත්වයන්ද වාර්තා වී තිබෙනවා. මේ, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි කියාසිටියේ කදුකර ප‍්‍රදේශවල ජනතාවද නායයෑම් අවදානම සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවලටද ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවයි. සුළං තත්ත්වයද වැඩි විය හැකි බැවින් ධීවර සහ නාවික ප‍්‍රජාව ඒ පිළිබද දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනතුරු අගවන්නේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

2021 අයවැය නොවැම්බර් 17වනදා පාර්ලිමේන්තුවට

Shiran Viraj

අම්පාරේ මුහුද ගොඩ ගලයි.. සුනාමි යයි ජනතාව භීතියෙන්..

Shiran Viraj

දැවැන්ත අර්බුදයක්.. රට වැසීමෙන් ආර්ථිකය -16.7යි.. දිනක පාඩුව බිලියන 40ක්..- මුදල් රාජ්‍ය ඇමති හෙලි කරයි..

Shiran Viraj

Leave a Comment