Local NewsNews

වනාතවිල්ලූව වැනසූ අයට කිසිම සමාවක් නෑ – පරිසර ඇමැති අමරවීර කියයි

පුත්තලම වනාතවිල්ලූව පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් අක්කර සියයකට වැඩි විශාල ඉඩම විනාශ කිරීම හා එය බදුගත් පුද්ගලයාට සම්බන්ධයෙන් විමර්ශන කර ඔහුට දඬුවම් කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස අදාළ නිලධාරින්ට දැනුම් දුන් බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා ‘දිවයින’ට පැවැසීය.

යහපාලන ආණ්ඩුව සමයේ එක් එක් දේශපාලනඥයන්ගේ අවශ්‍යතා අනුව වනාතවිල්ලූව ප‍්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගත්තත් පොදුජන පෙරමුණ ආණ්ඩුව මේ ආකාරයට ඉඩම් අත්පත් කරගෙන පරිසරයට හානි කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව කී ඇමැතිවරයා සිමෙන්ති කම්හලට අයත් මෙම විශාල ඉඩම අත්පත්කර ගත් පුද්ගලයාට කිසිදු සමාවක් නොලැබෙන බවද කීවේය.

මෙම විශාල ඉඩම අත්පත් කර ගැනීමේ සිද්ධිය හෙළි කිරීම පිළිබඳව මාධ්‍යයට ස්තුති කරන බවද ඇමැතිවරයා පැවැසීය.

lanka lead news

Related posts

ලංකාව ජපානයේ බිලියන තුනක ණය ගෙවීම පැහැර හැරලා.. එනිසා තව ලොකු ණය නෑ..

Maimoonar

කබ්රාල්ට ඉවත් වන්නැයි ජනාධිපති දන්වයි..? එය IMF පලමු කොන්දේසියයි..?

Maimoonar

මාළු මිල ඉහලට…

Maimoonar

1 comment

Comments are closed.